Songtexte

මගේ කුඹුරේ ඉනි වැට බිඳලා ලපටි ගොයම් පැල කා දමලා රැක සිටියෙමි වෙහෙසක් නොබලා අල්ලාගෙන ආවෙමි බැඳලා කාගේද ගොන් වස්සා මගේ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා පවරා දෙමි වස්සා කාගෙද මේ හොර වසු පැටියා සොයා කෙනෙක් එන තුරු සිටියා මගේ අලාභය මේ සැටියා අය කරගෙන දෙමි හොර කොටියා කාගේද ගොන් වස්සා මගේ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා පවරා දෙමි වස්සා සවස් වෙලා අපේ ගේ පැත්තේ කවුද බොලේ එනවා ඇත්තේ වැටේ කඩුල්ලේ අර පැත්තේ හදුනන මුහුණකි මම දැක්කේ කාගේද ගොන් වස්සා මගේ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා පවරා දෙමි වස්සා මොකද ලදේ මේ අරුමැක්කේ කලකින් ඔබෙ ලස්සන දැක්කේ අප ගැන ඇයි සැලකුම් නැත්තේ මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ කාගේද ගොන් වස්සා මගේ කුඹුරට බැස්සා හොඳ ගානක් උස්සා පවරා දෙමි වස්සා සිරිමල් අයියට පැණි වරකා ගෙන ආවෙමි ගෙදරින් පොරකා සිරිමල් අයියේ මට සලකා දෙනවද මට මගෙ කලුහරකා දුන්නට පැණි වරකා දෙන්නම් කලුහරකා මා ගැන තව සලකා දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා මට දෙනවද බහ මැණිකා
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out