album cover
Ballo
album cover
Ballo wurde am 8. März 2024 von Westnahira als Teil des Albums Kataka veröffentlicht
AlbumKataka
8. März 2024
LabelWestnahira
BPM
Melodizität
Akustizität
Valence
Tanzbarkeit
Energie

Songtexte

ඉහේ ඇම්මට උඹලා මාරු කලා නේද කොට්ටයක්
කරගහපන් නාට්ටාමින් ණය බර මුට්ටයක්
වීරයෙක් ගෙදර ඇවිත් දැන් ඌමයි දුෂ්ටයත්
බොලට කැව්වා රසට අනා-වැකි තොටවත්ත පොට්ටයත්
මේ සාගින්නේ සාගතයන් බලව් හිස ඔසවා
දායාද කලේ උන් නියඟයි නටපන් කිරි කොරහා
ඔය කුමරුන් උගනීද බඩගින්න සොඳවා?
සිංහයනි දැන් සැපද? උන් මුලසුනක හොබවා
මේ පාර කිව්වෙ නෑ චික් චික් හූනාවත්,
මේ කනයා පණ්ඩිතයා හ්ම්ම් සද්ද නැහැ ලූලාවත්
අප්පච්චී කොහොමද? අපිව කන්නෙ දැන් සූරාවත්
ඔටුන්න උදුරගන්න නැද්ද ලඟක චූලාවත්
අතීසාරෙට අමුඩෙ ගැහුව තොපිල කාලයක්
උබල අබ කාලා මගේ මොලේ දනවා තොපිනම් සාපයක්
බණත් තිත්තයි මේක අබුද්දස්ස කාලයක්
රටක් තටමද්දි ඇරුනේ නෑනේ තොපේ එක ස්වරාලයක්
හැංගිලා ඥාණ සාරේ මොලේට ලේ වැඩියත්
වරෙව් වන්දනාවේ කොළඹ තියේ පාස්කු මිණී පිටියක්
ස්වාදීන පුවතක් නැතිව පාලුයි සාලෙත් සැටියත්
ජනරජය නිකන් වැකියක් ඒ ප්රජාතන්තරේ දාපු ජැටියක්
වේලක් කන්න සටනේ අපිට කොහෙද විරුදින
රටට ඉසුරු යෝග දිව්රුවා පවා මුතුමිණ
රජෙකු නොවේද කෙරෙව්වේ අභිමතෙන් කව් සිළුමිණ
අඳුරුයි ලංකාදීපේ පායලත් අද දිනමිණ
සිංහ ලේ කිරි වුණා දැන් වාවන්නේ නෑ පයෝදර
දිනෙව්වා පවුල් සංස්ථා පිටිං බොලා සහෝදර
දැන් බලයේ චූලෝදර ඊගාව මහෝදර
චීනෙට උළුඅස්සත් ලියලා ඇරලා දාලා මූ දොර
උබෙත් මගෙත් වින්යාසය වාරණ කල භාෂාවක්
අපේ මන්ත්රීතුමාට ජය වේවා! වගේ මේවා උබලට ගාථාවක්
මේ රටේ මළවුන් මතක් කරපන් සතියක් පාසාවත්
මැරුවා ප්රේමකීර්ති අල්විස් හේතුව බලයට තිබ්බ ආසාවක්
ඒ මිනී පොහොර වෙලා වැඩුනත් බලවත් මතයක්
දනිහෙන් වැටෙන්න උබට පාර කියයි උන්ගෙ තුවක්කු බටයක්
ආර්ථිකය බීමත් වේගෙන් ගෙවපන් ඒ දඩයත්
මේ ජවනිකාව උබටත් මටත් බං හුණු වටයක්
කරිජ්ජ පාග පාග කියෙව්ව එකම රට බං
දිව මැද්දත් මිනී ගඳයි ඕකුන් ගාව මට නං
වන්නිල ඇත්තත් රටෙන් මාන්දු කරයි ජීවන බරත් පටවන්
ඌරු වරිගේ තිසා හාමි ඕවායි හීනෙන් කීව්වේ මට බං
බිඳලා බිසෝ කොටු උතුරා පිටවාන
දැන්වත් නවත්තපියව් සංස්කෘතිය උන්ගේ පිටේ සබන් ගාන
"දැයේ පියා" මතක් වෙනවා උගේ උද්දිකාර
හම්බකලොත් අපි කනවා බලපං උමන්දාවේ දාන
ඉව කරලා අහක බලන් ඉන්න බල්ලෝ
ලෙව කාලා මැරුවත් බුරන් නැති බල්ලො
පහර එතනම බුදියන බල්ලො
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලො බල්ලො බල්ලො බල්ලො
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලො බල්ලො බල්ලො බල්ලො
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
ඉව කරලා අහක බලන් ඉන්න බල්ලෝ
ලෙව කාලා මැරුවත් බුරන් නැති බල්ලො
පහර එතනම බුදියන බල්ලො
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලො බල්ලො බල්ලො බල්ලො
කෝ දුටු තැන සපා කන බැස්කවිල් බල්ලෝ
බල්ලො බල්ලො බල්ලො බල්ලො
ඉව කරලා අහක බලන් ඇයි කැ* බල්ලො
Written by: Hasanka Wickramarathna
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...