Στίχοι

එක මල් දවසක් මේ නෙක මල් දවසක් හීනේ මේක හිරු දහසක් පෑයු රෑ මේ අමතකයි සන්තාපේ පවසටයි ගී කීවේ නුඹටම වෙන් වූ මුලු රෑ මේ දෑතේ වෙලී මාගේ ඉබේම ඈතට යන්නයි මේ මේ ටික කාලේ ඉන්න මා හා නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු මගේ හිත මත සොයා ඉඩ දැන් අසුන අරන් ඉඳ ගන්න සිප ගන්න ඒ සියුම් මුවින් අල්ල ගන්න තදින් මගේ අතින් අපි ලං වෙන්න ඇති අහන්න එපා දේවල් කියා ගන්න බැරි නුඹ මට දුන්න දේවල් දෙන්න බැරි රහසේ වූ දුක් සැනසූ කුමරී මගේ හිතේ ඉඩ දැන් නුඹේ අතින් හැඩවෙන සිතුවමකි නුඹ එහි තියා මං තනියම සරසන මිරිඟුවකි යමු හෙමින් හොයා තැන් විනිවිද යමු ඈත තරු අතරින් නුඹ ලඟ නොවේ නම් නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු නුඹ මා ලඟ පෑයු දවසට මේ හිත නෑ පාලූ නුඹ මා හිත පෑරු දවසට මේ හිත නෑ වාරු
Writer(s): Yuki Navaratne, Samith Gomes Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out