Credits
PERFORMING ARTISTS
Sahan Chamikara
Performer
Pasan Liyanage
Performer
COMPOSITION & LYRICS
Nisal Gamage
Composer
PRODUCTION & ENGINEERING
Pasan Liyanage
Producer
Lyrics
සඳ පායා නැති දා මා දිගු නින්දේ හී සැතපීලා
පලඳාලා මල් මාලා දිවි සාදෙන් සමුදීලා
හමුවෙන්නෑ අපි ආයේ
නොදැනේවා සංතාපේ
හිතවන්තී කෝ මාගේ මා දකිනා හසරැල් පෙර වාගේ
මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ
නැවතීලා සමුදීලා තරු යායෙන් මා මිදීලා
සැනසීලා මුහු වීලා සුළඟේ යන්නම් පාවීලා
හමුවේ නම් සංසාරේ
සමුගන්නම් මේ යාමේ
පලඳින්නම් ඔබ මාගේ වී ගොතනා කඳුලැල් මල් මාලේ
මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ
තනිවී තනියෙන් මං ගාවා නොහඬන්න දරාගන් ආ දා
කඳුලැල් හුරු නෑ ඔබ දෑසේ පානා
අමනාප නොවෙයි ඔබ මා හා සෙනෙහේ ආදර මල් පාලා
හිත අල්ලාගෙන මං ගාවින් ආවා
මං නාවොත් ආයේ මේ මල් යායේ මල් පාරේ
හංගාපන් දැසේ දුක් සංකාවේ සංකාවේ
ගව් ගානක් ඈතින් ඉන්නම් සීතේ තුන් යාමේ
පායාපන් මාගේ මේ නෙත් මානේ සඳ මාගේ
Written by: Nisal Gamage