Credits

PERFORMING ARTISTS
Lisheiin
Lisheiin
Rap
Tashni
Tashni
Lead Vocals
Mirun Pradhap
Mirun Pradhap
Lead Vocals
COMPOSITION & LYRICS
Lishan Thenuwara
Lishan Thenuwara
Songwriter
Mirun Pradhap
Mirun Pradhap
Songwriter
Tashni Thenuwara
Tashni Thenuwara
Songwriter
PRODUCTION & ENGINEERING
Mirun Pradhap
Mirun Pradhap
Producer

Lyrics

සුද්දාගේ boring ගේම අපියි සුද්ද කරල ගත්තේ
යුද්ද කරල අනූහයේ කුසලානේ ගත්තෙ
ඇද්දා උඩට වැටුන ක්‍රිකට් ආයෙ කනත්තෙං
සද්දේ ඇහෙද ජය හොයා යන සිංහලන්තෙ
පහලම අඩියෙ හිටිය අපි ආසියාවෙ
ගහල ආව final නැතුවත් කාසි වාසි ආවෙ
වහලා අදුරුම පරිචේද අවාසනාවෙ
අහවර කරා පරාජ පිරි ඉඩෝර කාලෙ
Form එක ගත්ත ආසියා කුසලානෙනී
ඔහොම්මම කරගෙන යන්න කුසලාණනී
Bowlerට පතුරවා අණසක වැනි ගිනී
කලුතර සැර කසයා නිස්සංක පත්මිනී
පස්ස නොබසින වෙර පිරි කැපා දස්සා
යක්සාරූඩ උනදාට හයේ වැසි වැස්සා
ක්‍රිකට් බෝඩ් පාරේ කොල්ලො භානු ඉල්ලා බැස්ස
පිකට් බෝඩ් අරං ඉල්ලූ එකම රාජපක්ස
යමු යමූ ජයගමූ… ජය ඝෝෂා පතුරමූ
පෙරටම ගෙනයමූ සිහ සේනාව රැස්වෙමූ
පෙන්වාලා අභිමානේ රැව්දේ කේසර සිහනාදේ,
ලංවී එකමුතු එක රෑනේ, නංවමූ ශ්‍රී ලංකා නාමේ
කොල්ලොනේ, ආතල් නෑ Prank නොකලොතිං බබා
බෝලෙ Swing වෙනකොට කෝලියා නතිං බබා
නෝන්ඩියට නයි නටවන බංගලි
පෝලිං දම්මලා ගන්නෙ වඩා
මේ ගේම් එකේ හැමදාම බැට්මන්ලු පොර
වනියට කැරකෙන කොට බ්‍රැඩ්මනුත් කොර
චමීර නැති අඩුව වහමුද කුමාර
බිනුර යෝකර දාමූ අවසාන පන්දුවාර
අසලංක චරී, හසරංග වනී, ගහන 4 6 මතකෙට ගෙනේ සනී
යාර තිහට උඩින් පාර උස්සල දෙන්න ධනා
හිනාව ලස්සන තමා, ඒ බෝලෙ අස්සට දාන්න. ආ!!
ඊතල තීක්ශණ පිට ඉන්නට ඇමෑරූ,
භීශනේද ගියාට හිත ඉල්ලන තරූ
සාමෙට නෑගේමටම එයි චාමික කරූ
ගානට වලි දාගනී වාගේ විල්සන් කරූ
வெற்றியின் பாதையில் இந்த வாழ்க்கையும் நீளுமே
உலக கோப்பையை வென்றுதான் எம் கனவுகள் ஓயுமே
கோழையும் மூடனும் இங்கு வீரனாய் மாறுவே
கலத்திலே ஆட்டமும் அனலாய் பறக்குமே
ආදරෙ අඩුවක් නෑ උබලගෙ කාටවත්
ඇයිද බං අපිට හැමදාම දෙන්නෙ Heart attack?
කෙත්තාරාමේ පල්ලෙකෑලේ කොල්ලො ගියෙ පාගමං
තවත් එක ගේමක් නෙවෙ මේක අපට ආගමක්
පොඩි කොල්ලො අද ඊයේ TV ලඟ ඉඳගත්තු
අඩුපාඩු හෑලි ලියයි පතරංග යක්ඛ පුත්තු
බුකියෙ පිරි keyboard වීරයෝ පිපී වගේ හතු
පැති බෙදි නැතේ පුතේ අපි මේකේ බැතිමත්තු
රටේ කේස් බොහෝ සේ, ඉවරනෑ දෝසේ,
බඩුමිල අහසේ මිනිස්සු පිපාසේ
විනාසේ පෙනි පෙනි පණ අදින ලංකාවට
උඹලා ගේන දිනුමයි එකම සන්තෝසේ
පලමු වටේ සිප්පි කෑලි වලට ගහල පිප්පි යන්න
අල්ලපු රටේ පණ්ඩිතයන්ට නෙලමු හැරි ගෙදර දුවන්න
රැප මෙන්න ක්ලැප දෙන්න එකෙන්ම සප් එක වෙන්න
ලෝකෙ හොල්ලා අපේ කොල්ලො මේ පාර කප් එක ගේන්න
Written by: Lishan Thenuwara, Mirun Pradhap, Tashni Thenuwara
instagramSharePathic_arrow_out

Loading...