Credits

COMPOSITION & LYRICS
Sarath de Alwis
Sarath de Alwis
Songwriter
Upali Dhanawalavithana
Upali Dhanawalavithana
Songwriter

Lyrics

සිනහා... කඳුළු....එනවා.යනවා
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
සිනහා... කඳුළු එනවා.... යනවා
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
මේ සිහින ගමනේ නැවතී ඉන්නා
අම්බලමයි මාවතේ
මේ පාළු කතරේ ඔබ මා හමු වී
යා යුතු මග මෙය වේ
අහගන්න මිතුරේ ලෝකය කරළිය වෙනවා
මායාවේ නළුවෝ අපි
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
නොනිවන්න මිතුරේ පහනේ ඡායා
කිසිදා මේ අත්වැලේ
සුදීලේවි සැමදා නාමේ ඔබගේ
හිරුසේ ආකාසයේ
ජය ගන්න මතුදා පැරදුම පැරදිය යුතුවේ
මේ ලෝක රඟ මඬලේ
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
සිනහා... කඳුළු එනවා.... යනවා
බවයෙන් බවේ විරාමේ අපේ
කාලේ ටිකයි ජීවිතේ...
ඉපදී ලොවේ නවාතැන්පලේ
මිනිසා රඟයි රංගනේ
සිනහා... කඳුළු එනවා.... යනවා
Written by: Sarath de Alwis, Upali Dhanawalavithana
instagramSharePathic_arrow_out

Loading...