가사
හද සිතුවම් කළ රුව
ඔබ වන බව මා
දැන හිටියා..
ඔබ දුටු ඒ මුල් දින
පැතුවා ඔබ මගෙ
වේවි කියා...
ඔය සුවඳට මත් වුණු
බඹරෙකු ලෙස මා
ලං වූවා ...
රෑ අහසින් ගිලිහෙන
තරුවක් දැක මම
ඔබ ඉල්ලූවා...
ඔය දෑතේ පැටලිලා
හැන්දෑවෙ ළං වූවා
නිල් දෑසින් බලා ලා
මුමුණන්නේ ද මා හා
ඔබ සුවඳක් වෙලා
පීදෙන්න මා හදේ...
හැන්දෑවෙ මා ලඟ වීලා
දුන් ආලේ දෝතින් ගෙන මා
තුරුලේ ඔබ
උණුහුම රස වින්දා...
තොල් පෙති මත ආලේ ගල්වා
දෙකොපුල් ඔය මා සිප ගත්තා
නිලුපුල් සයුරේ
මා තනි වූවා ...
ලෝ පැහැයන් සුන්දර
පෙර නුදුටුව ලෙස
නෙත ගැටුනා ...
නුඹ හේතුව වන වග
සිහිවී මා වත
හසරැල් නැගුනා...
මතකේ නුඹ මුළු දින
පියමැන මා හිත
පීදුවා ..
පෙර නොදැනුනු විලසට
පෙම් රස හැගුමක
සිත වෙලුනා...
ඔය දෑතේ පැටලිලා
හැන්දෑවෙ ළං වූවා
නිල් දෑසින් බලා ලා
මුමුණන්නේ ද මා හා
ඔබ සුවඳක් වෙලා
පීදෙන්න මා හදේ...
හැන්දෑවෙ මා ලඟ වීලා
දුන් ආලේ දෝතින් ගෙන මා
තුරුලේ ඔබ
උණුහුම රස වින්දා...
තොල් පෙති මත ආලේ ගල්වා
දෙකොපුල් ඔය මා සිප ගත්තා
නිලුපුල් සයුරේ
මා තනි වූවා ...
Written by: Devin Waduge, Jerome Shamen Perera

