Music Video

Music Video

Credits

PERFORMING ARTISTS
Pandith Amaradeva
Pandith Amaradeva
Performer
W D Amaradeva
W D Amaradeva
Performer
COMPOSITION & LYRICS
Sanath Nandasiri
Sanath Nandasiri
Composer
Sunil Ariyaratne
Sunil Ariyaratne
Lyrics

Lyrics

මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා
පටු මාවත්වල දුවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
පටු මාවත්වල දුවිලි අතරේ
අපගේ ඉපැරණි පිය සටහන් ඇත
දොලමත දිදුලන පෙන පිඩු අතරේ
අපේ කතාවේ කෙටි පටුනක් ඇත
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
ඉර හඳ ඇසුවා ඇළ දොළ දුටුවා
අතිනත් ගෙන අප දෙඩු කතා බහ
එනමුදු ඒ දවස් සගවනු හැකිවේ
ඉරට හදට ඇළ දොලට කතා බැහැ
මේ ගුරු පාරේ
මේ දොළ අයිනේ
අපේ රහස් ඇත සැගවිලා
අපේ රහස් ඇත ලියැවිලා
Written by: Sanath Nandasiri, Sunil Ariyaratne
instagramSharePathic_arrow_out

Loading...