album cover
PAVATHMA
album cover
PAVATHMA was released on January 8, 2025 by Dope and Fresh Records as a part of the album ICONOGRAPHY
January 8, 2025
LabelDope and Fresh Records
BPM
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

Eyy
සකි මගේ බඩගින්නයි කරවන්නේ මාව මට තව ඕනි හින්දයි!
පිසාචයෝ කන අස්සේ රින්ගයි
උන් දන්නෑ උන්ගේ බල මං බින්දයි
සල්ලි උඩ බෝට්ටු පදින්නයි
දිව්‍යලෝකේ යන්න බොට ගෙට්ටු අරින්නයි
හයේ ඒවා යන්නේ පෑන පිත්තයි
මගේ අනංගයා කෙල්ලෝ හැමෝටම විද්දයි
මාන රති
රාග දනි
නටවන්නෙ අල්ලේ තියලයි
දෙයියෝ කියුවේ මට මේ ලෝකේ මගේ කියලයි
රූස්සනෑ බොරු මට බහුතරේ නිවටයි
ආදරේ අම්මටයි තාත්තටයි පිළටයි
පටන් ගත්තේ අනාගතේ මගේ පොතේ ලියලයි
අතු දිරපුවා නැහැ අලුත් දළු ලියලයි
අස් වෙන්නේ මගේ උනුත් උස්සලා දිනලයි
වෙලාවට කලාවට මාරු වෙයි ලු රාශි
අවාසියත් කරගන්නවා බං අපි වාසි
මම ගැහුවා නැවැත්තුවා පාට පාට ජාති
මාත් එක්ක කියපන් Chain පන්නගෙන පාලි
දාසයයි මාසයක් යද්දි වෙලා නාස්ති
අපි ගහපුවා ගැන මගේ එකා සාක්කි
මගේ උන්ට හරියට වගේ මම ගාන්ධි
උබේ කෙල්ල ආදරේට මට කියුවේ තාත්ති (Urh)
හිත පාරගන්න එපා
මටත් ඕනි කෙල්ලෙක් හැඩ ඇති වගේ "Bella"
කතාව සල්ලි නෙවේනම් මට නැහැ වෙලා
උකුස්සව කපුටෙක් කරන්න යන්න එපා
ළඟ නැහැ අපේ ගතිගුණ නොහොබිනා
තරු දරුවෙක් උපන්නි මහපොළොවිනා
යන්නේ අපි හීන කරා තටු කොට විදා
වින කැපුවොත් මිසකින් නැහැ දොස තියා අපි
සෙල්ලමේ නම් රන් තවරයි
කන් ඇරපන් දුවපන් අන්තරාවයි
අම්බරුවන් වගේ උන් කන් මොළ කයි
අපිට සවන් දෙන උන් ටික දිනලයි නවතින්නේ
සෙල්ලමේ නම් රන් තවරයි
ඇස් අරපන් බලපන් අන්තරාවයි
ඉස්සර මං දැන් මං දැන් නම් නෙවේමයි
මං මැරුවයි අවරින් එන හිරු බලා ගනින් දැන්
කෝටියක් සල්ලි හෙව්වත් හැරෙන්නවත් මදි මට
තව ඕනි තව ඒකයි හොයන් යන්නේ බල බල
ඉලක්කන් වැඩි කරන්නයි ගිණුමට හරවන
කලබල නැහැ ඉවසීමෙන් අපි පරිණත
ලිහාගත්තා වැටි තිබූ විලංගු මේ මනසට
මම සලකන්නෙ මට සලකන තරමට
මගේ හීන මගේ පොතේ ලියගත්තා කටුවට
මේක තමයි එළි දෙන්නේ හීන වල පටුනට
We daily finesse
පෙරෙලෙන්නෑ වෙස්
ආකල්ප විදෙස්
කෙල්ලෝ වෙන්නේ තෙත්
භාවය නිසයි අපේ
තියන්නේ නෑ දෙස්
නෑ වෙන අපි මෙන්
යන්නේ මේ පාරෙන්
ගුණ එන්නේ ආරෙන්
බරපතලයි
එදා පටන් ගත්තේ ගොඩක් දුර බලලයි
හිත අස්සේ මාර සේනාවන් පරදයි
හැරෙන්නේ නම් ඕන දේවල් මං කරලයි
ලැබෙන දේවල් නම් පව පින අනුවයි
මුන්ගේ වැඩ නිසා මගේ උණත් උරන වෙලා
මම තමයි උබලගේ ඇද හදන එකා
ආස උන්ම කරන්න සෙල්ලම කනවා තියාන්
මේවා දැක දැක ඉන්නෑ මං නම් ඇස් දෙක පියාන්
බලපන් එන්නේ මන් හමුදාවක්ම අරන්
අපේ රස්නේ නැති වෙන්නෑ උඹ ගැහුවට පවන්
"Moses" වගේ එන්නේ රළ දෙපලු කරන්
අටේ තිබ්බොත් වැඩක් දහයට ගන්නවා මමත්
මම විතරමයි දන්නේ මම කරන තරම්
අභිප්‍රායයන් ඇත ගොඩක් අද මේ දෑත දරන්
නැහැ වැදගත් කිසිම දෙයක් එතරම්
ඒකයි කකුලෙන් අදින උන්ව යන්නේ මං හලන්
මූණු දෙකේ මිනිස්සු පිරිලා බොරු නාඩගම්
මනසින් උසස් කියයි ළඟ නෑ සාරධම්
බලපන් දැනුයි පටන් ගන්නේ දාන්න පාරවල්
කලු සුදු හීන පුරවන්නේ වලින් පාටවල් (Yeah)
සෙල්ලමේ නම් රන් තවරයි
කන් ඇරපන් දුවපන් අන්තරාවයි
අම්බරුවන් වගේ උන් කන් මොළ කයි
අපිට සවන් දෙන උන් ටික දිනලයි නවතින්නේ
සෙල්ලමේ නම් රන් තවරයි
ඇස් අරපන් බලපන් අන්තරාවයි
ඉස්සර මං දැන් මං දැන් නම් නෙවේමයි
මං මැරුවයි අවරින් එන හිරු බලා ගනින් දැන්
Written by: Ramesses Reezy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...