album cover
THANTHRA
album cover
THANTHRA was released on January 8, 2025 by Dope and Fresh Records as a part of the album ICONOGRAPHY
January 8, 2025
LabelDope and Fresh Records
BPM120
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Lyrics

තේරුම් ගනින් මොකක්ද වැරැද්ද
ඇයි ඇස් වහන් ඉන්නේ පෙනි පෙනී ඇත්ත?
බොරු පිලිගන්න එකද පැවැත්ම?
මුලා වෙන බවක් දැනිලාම නැද්ද?
ටික දෙනයි තමයි විඳින්නේ වැස්ස
සුළු දෙනයි දැක්කේ නොපෙනෙන පැත්ත
මම හඳුනමි මගේ හදගැස්ම
නවතින්න නෙවෙයි මං පහුකලේ හැතැම්ම !
හරි! හරි!
යදන් කඩන් යති!
හරි! හරි!
අධි මානෙන් වඩියි !
හරි! හරි!
අසා බලන් සකි !
අපි නාවන්නෑ ඩෝ නරි !
අපේ වදන් බර අවි !
හරි! හරි! හරි! හරි!
හරි! හරි! හරි! හරි!
හරි! හරි! හරි! හරි!
අපේ වදන් බර අවි !
අපි නාවන්නෑ ඩෝ නරි !
බලාගෙනයි මසි, ලේසි වෙන්නෑ අපි
වෙලාව දැන් හරි, මගේ පාරෙන් යමි
ගලා යන නදී, නොනවති සකි
පරණ කෙනා මරලා ඉපදුනා මං යලි!
කුණාටුව නිහඬයි, වදන් විරලයි
වැටි වැටි නැගිටිනවා මට මං විතරයි
අඩියක් තියන්නනේ උඩට හොඳට හිතලයි
අල්ලන්නනේ නිල මං හරිම තැනට තියලයි
යන්ත්‍ර, මන්ත්‍ර නෙවෙයි මේවා තන්ත්‍ර!
බොරු කැ*යොන්ගෙන් ගැලවෙයි දැන් වස්ත්‍ර
වයසට වැඩී දේවල් දැක්ක
මේකයි චිත්‍රේ වචනෙන් මං ඇන්ද!
තිබ්බේ නෑ බන් කටේ රිදී හැන්ද
ඒක තමයි මුල අපි රැක්ක
ඇස් වලින් නෙවෙයි පෙන්නේ ඇත්ත
අහගනින් මගේ හද ගැස්ම!
මැව්වා හීන පාට පාට ජාති
ඒකාලේ දැම්මේ රස්තියාදු Party
රූස්ස ගස් නැවෙන්න දැන් හමාවි
අපිව කරගන්නේ උඹලායි නසරානි
මගේ පරණ පුරුදු මම වලදාවි
වැටෙන්නෑ යාලු අපි මුදුනට යාවී !
කිසිම දේකට මම නෑ සීමාවී !
මගේ උන් හඬින් මේ වදන් කියාවී !
හරි! හරි!
යදන් කඩන් යති!
හරි! හරි!
අධි මානෙන් වඩියි !
හරි! හරි!
අසා බලන් සකි !
අපි නාවන්නෑ ඩෝ නරි !
අපේ වදන් බර අවි !
හරි! හරි! හරි! හරි!
හරි! හරි! හරි! හරි!
හරි! හරි! හරි! හරි!
අපේ වදන් බර අවි !
අපි නාවන්නෑ ඩෝ නරි !
කාගෙන් වත් අහන්නෑ මං හරිද, මම හරි නම් මට හරි
වැරදි පෙන්නන්න පුළුවන් "හරි" යි කියන කාටහරි
මනින්න කලින් කණ්නාඩියෙන් බැලුවා නම් වඩා හරි
වැරදි තීරණයක් නොගෙන හිත මගහරියි
ගුණ හැර නුගුණ ආවේ නෑ අම්මා තාත්තා ගාවින්
මල්ලි යි මම යි ඇස් ඇරියේ සිරසේ තියන් සරසවි
විනාසකාරි පිරිස් සංගීතේ රසේ වනසාවී
උන් නසන්න යි බැස්සේ මේ අසමසම බර අවි
උන් කිව්වේ, අතාරියි දරාගන්න බැරි වූ විට
දුක යි දකිද්දී මානෙන් උදම් වූ උන්, වැනි "මූසිල"
උන් ට පුදන එවුනුත් ඉන්නවා මැටි බුදින
පිරිත් ඇහෙන විට යක්කුන් ට බැරි ලු ඉන්න
උඹලා කද්දී මොළ, අපි සුද්ධ කළා
වළෙන් එන්න ගොඩ, අපි යුද්ධ කළා
කලාව ගුණාත්මක ව ප්‍රගුණ කළා
මේ වගේ වදන් හසුරවන්න බෑ දැන් සුද්දා ට වත් !
"තන්ත්‍ර" ලියන්නම් ඉතිහාස ග්‍රන්ථ
"රන් අකුරින්" නොහැකි වන සේ මකන්න
කෙන්ද ! උඹ ඉන්නේ පාත් වෙනකම් ද කන්ද ?
උඹට දරන්න පුලුවන් ද ?
අන්ද මන්ද වන කාරණාව මං ද ?
මාව දන්නෝ දන්නවා මං ගංගාවක් වදන්
මං තමන් ව දන් දුන්නා වෘතාන්තයක් හදන්න
එන්නේ මන්දාකිණි කළඹන්, නම "භවත්‍රා"
පහදන්නම් හදවත් තවත් පද බන්දා
නෑ අවශ්‍යමත්, අවසානයි මං නම රන්දා
නෑ වස් ! කළා සිදුරු, පියවි ඇසින් හංගා
සවන් වැකී "බරණ" ත් දිවැසින් බලයි ලංකාව !
හරි! හරි!
යදන් කඩන් යති!
හරි! හරි!
අධි මානෙන් වඩියි !
හරි! හරි!
අසා බලන් සකි !
අපි නාවන්නෑ ඩෝ නරි !
අපේ වදන් බර අවි !
හරි! හරි! හරි! හරි!
හරි! හරි! හරි! හරි!
හරි! හරි! හරි! හරි!
අපේ වදන් බර අවි !
අපි නාවන්නෑ ඩෝ නරි !
Written by: Kevin Smokio, Ramesses Reezy
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...