album cover
Amude 2
107
Regional Indian
Amude 2 was released on February 14, 2021 by SLens Production as a part of the album Amude 2 - Single
album cover
Release DateFebruary 14, 2021
LabelSLens Production
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM179

Credits

PERFORMING ARTISTS
Saman Lenin
Saman Lenin
Vocals
Nilakshi Helapitiya
Nilakshi Helapitiya
Performer
COMPOSITION & LYRICS
Saman Lenin
Saman Lenin
Songwriter
Dilshan Pathirathne
Dilshan Pathirathne
Songwriter
PRODUCTION & ENGINEERING
Saman Lenin
Saman Lenin
Producer

Lyrics

පි.
පොරොන්දම් 21 ම ගලපලා
රාහු කාලේ පන්නලා
හොඳම නැකතට ඇඳලා නිලමෙට
අහල ගම් හතම හොල්ලලා
ලෝන් ගහලා මඟුල් කාලා
මං ගෙනාවා ගෑණියෙක්
ගැ.
කටින් රට වට බතල හිටුවා
පුරාජේරුව පෙන්නලා
ලස්සෙට කොඩිය දැම්මට
නැට්ට පස්සෙ හංගලා
පූස වගේ අපේ මහගෙදර
බින්න බැස්සා පිරිමියෙක්
පි.
මිනිහා ආවද ඇවිත් කෑවද
කාලා නෑවද නාල කෑවද
දැකලා නෑ මං හොයනවා
ඒ වුණත් මඟහරින්නෙ නෑ අර
හින්දි ටෙලි ටික බලනවා
ගැ.
නොදැන හිටියට පිරිමි typical
ගෑනු freedom හොයනවා
romantic තැන් feel වෙන කොට
අපෙත් ඇඟ පත රිදෙනවා
පි.
මොකද්ද කිව්වේ ඇහුන් නෑ..?
ගැ.
නෑ මේ.... අපෙත් ඇඟපත රිදෙනවා
පි.
ආ.. ඒක මිසක්
මට ඇහුනෙ වෙන කුණුහරපයක්
පි.
මාසෙකට දෙසැරෙක ට වැඩි නෑ
salon ගානෙ දුවනවා
උළං හුණු තලි පිටිං ආවම
පාට වැටෙනව හිතනවා
ගැ.
සරම ගලවපු වළලු බිම - තෙත
තුවා ඇඳ උඩ දානවා
මම ත් මගෙ කට ඇරියොතින් - ඔය
හෙළුව ලෝකෙට පේනවා
පි.
පිලිවෙලක් නෑ ගෙදර වියදම්
සල්ලි මත්තෙ ම නැහෙනවා
හරකා වගේ මං ඉරිද ට යි
හවසට යි OT කරනවා
ගැ.
හපොයි ඔව් ඔව්
පුදුම කැපවීමකින් ඉරිද ට වැඩට යන බව පේනවා
දුඹුරු දිග කෙස් ගසුත් ඉඳ හිට
කමිස වල නම් තියෙනවා
පි.
කෝ කෝ.. ?
ගැ.
මට තමුසෙ එපා
පි.
එපා..?
ගැ.
කියපු වස් කවි කරපු හදි හූනියම්
ගැන මං දන්නවා
අම්මා කියූ තැනකට ගියා නම්
මාත් සතුටින් ඉන්නවා
පි.
ඕං ඕක නේ බැරි ඉතින්
පුංචි දේටත් අඬනවා නේ
ආදරේ ගඟ තාම මගේ මේ පපුව ඇතුලේ ගලනවා හොඳේ
ගැ.
දරුවො බල බල ගෙදර වැඩපල
කොහොම හරි මං කරනවා
එව්ව දැන දැන එව්ව දැක දැක
ආඩපාලි ම කියනවා
පි.
දෙන්නගෙන් අපි කවුරු කෙරුවත්
වැරදි මං - Sorry කියනවා
අදත් වෙනසක් නෑ ඉතිං "SORRY"
වරද මං පිලිගන්නවා
ගැ.
හත්තිලව්වයි'
බත රොස් වෙනවා
පි.
බැඳගෙන ම අත් පා
ඉන්න විට දී ගිරිය පුප්පා
ඈ බණියි අඩි පොළොවෙ හප්පා
ගෑණු ගෑණු ම තමයි අප්පා
ගැ.
මේ ඇහුණද... ?
පි.
අන්න මට කතා කරනවා..
පි.
අඬ දබර කොයි කාගෙ කාගෙත්
ගෙවල් වල නම් තියෙනවා
බත ඉදෙනකන් තමයි ඒවා
ඕං මට අඬ ගහනවා
පි.
මේ එනවා මැණිකේ..
මේ එනවා..
පි.
ඔන්න මට අද ඔයාගෙ අතින්ම
බයියන් කවන්න ඕන හරිද..
ගැ.
මගුලක් කතා කරනවා..
ගෑස් ඉවරයි මිනිහෝ
පි.
ගෑනු ගෑනු ම තමයි අප්පා
Written by: Dilshan Pathirathne, Saman Lenin
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...