Krediler

PERFORMING ARTISTS
Iraj
Iraj
Performer
Layzie Bone
Layzie Bone
Performer
COMPOSITION & LYRICS
Iraj Weeraratne
Iraj Weeraratne
Composer

Şarkı sözleri

දෙව් බබුණ්ද දෝත නගාලා
වදින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා
ප්රථමයෙන් සමවෙන්න
කල පව් වලට පිනක් හොයන් ලියනව නෙමෙයි මේක
තිබ්බ කොටියට තිතක් කොමාවක් දාල පටන් ගත්තෙ ඇයි තව විසක්
තරුණයෙක් මම තරුණයෙක් උබ
අපි පරපුරක් හැදුනෙ යුද්ද ගිනි උඩ
නිවපු ගින්න අලු නැති වෙන්න පෙර
මට කියන්න ඇයි ගිනි තියන්නෙ මගෙ රට
බෞද්දයෙක් මුස්ලිම් කරගද්දී
මුස්ලිම් කඩයක් ගිනි බත් වෙද්දී
දෙමළ තරුණයට කොටිය කියද්දී
කෙලෙසුනෙ මගෙ රට තොපි මරා ගද්දී
නිල් පාටයි නිදහස් අහස
කලු වෙලා දුම් වලින් විදෙස් බලවේග
ලස්සනයි පන්සලෙ බණ පෝය දාට
අම්ම කුණුහර්ප කියනවද තියද්දි පහන
මැද පෙරදිග අමුතුම නීතියක්
කස පාර හිමි වැන්දට බුදු පිලිමයක්
පොඩි පන්සල ගාව ලොකු පල්ලියක්
සමාවෙයන් අපෙන් උනා නන් වෙනස්කමක්
දෙව් බබුණ්ද දෝත නගාලා
වදින උතුම් මනු සතායා
දහම රකින අයද බෙදීලා
නසනු ඇයිද දහමෙ කරුණා
රකිමු මිනිස්කම් එක් වීලා
දහම අනුව දිවිය ගෙවාලා
ධර්ග නගරය සිදුවුන තැන මගෙ උපත
පල්ලියත් හුරුයි වගේම පිරිත
කවුද තිබ්බෙ හරක් ඔළු පන්සලෙන් පිටත
පල්ලිය පාරෙ මග රැකවල් දිගට
කවුද හරි කවුද වැරදි ඒක මට ප්රශ්නයක්
යාලුවොත් වටිනව ඒවගේම ධර්මයත්
ටික ටික අඩුවුනා ගෙදර තිබ්බ සහනයත්
උපාධියත් බල්ලොන්ට දන්න වෙන තත්වයක්
රැකියාවක් හොයන්න බෑ ලොකු අත්තක් නොමැතිව
ඒකයි මං ගිහින් මුන ගැහුනෙ ගමේ ඇමතිව
පල්ලියට එන්නලු පන්සලෙන් සමුගෙන
බඩ ගින්න රජ උනා එරෙහිව ධර්මෙට
පන්සලට ගිහින් මම පූජ කල මලක්
ඒ අතින්ම වැදුන මගෙන් පෙරහැරට ගලක්
පරක්කුයි තේරෙද්දි කලේ මම පවක්
පොඩි දෙයක් වෙනුවෙන් ගිනි තිබ්බ ගමක්
අනිත්ය ලෝකේ මරණය නියතයි
තැන තන මරාගන්න හැටි මට තිත්තයි
මතක මගේ අතින් කොකා ගැස්සුනා විතරයි
යාලුව බිම වැටිලා ඌ දැන් නිසලයි
Written by: Iraj Weeraratne
instagramSharePathic_arrow_out

Loading...