Credits
PERFORMING ARTISTS
Pandith Amaradeva
Performer
W D Amaradeva
Lead Vocals
COMPOSITION & LYRICS
Pandith Amaradeva
Composer
W D Amaradeva
Composer
Mahagama Sekara
Lyrics
PRODUCTION & ENGINEERING
Torana Music
Producer
Lyrics
දෑතේ කරගැට සිඹ සනසන්නට
ළා ගොයමේ දළු පවන් සලයි
දහදිය මුතුකැට මල් වරුසා වී
කරල් බරින් පීදී වැගිරෙයි
අඩ සඳ මෝරන මැදියම් අහසින්
බිලිඳු හදට කිරි දියර ගලයි
හෙට ඉදිවෙන නව ලෝකය දැක දැක
පුංචි පුතා හීනෙන් හිනැහෙයි
දහසක් වැව් බැඳි යෝධ මිනිස් කැළ
යළි ඉපදී ඇත ලක් දෙරණේ
සත් රුවනින් නව නිදහන් මතුවී
පුතුගෙ සිනාවෙනි ඔප වැටුනේ
දෑසේ කඳුලැලි පිසදා බලනෙමි
හෙට හිරු එලියට වඩින දිනේ
ණය නැති බිය නැති නිවහල් යුගයක
පුංචි පුතා රජ කරනු පෙනේ
මා ගත වෙහෙසට ආදරයෙන් දිය
උල්පත පාදන පුංචි පුතුන්
ඒ ගත වෙහෙසම සතුටක් වෙයි මට
ඔබ සිහිවන විට පුංචි පුතුන්
දෙදහස් පන්සිය වසරක් තිස්සේ
මා දුටු සිහිනය පුංචි පුතුන්
ඔබ හට ලෝකය ඉදි කර දී මිස
යා නොහැකිය මට පුංචි පුතුන්
Written by: Mahagama Sekara, W D Amaradeva