Credits

PERFORMING ARTISTS
Sajith Madusanka
Sajith Madusanka
Performer
COMPOSITION & LYRICS
Sajith Madusanka
Sajith Madusanka
Lyrics
Dumiya Doo
Dumiya Doo
Lyrics
PRODUCTION & ENGINEERING
Shehan Angelo
Shehan Angelo
Mixing Engineer
Shanuka Zigma
Shanuka Zigma
Mixing Engineer

Lyrics

දුන්නෙ උණුහුම පණ ගෙන
හදවතේ නුබ නවාතැන් ගෙන
කරන්නෑ මම වැරදි අද
කිමද ඔබෙ සිනහව මගෙ සතුට
අකුරු ලියන්න ඕනෑ කල මා පැන ගියෙ පොතෙන්
කංසා වීදුරු කැට පැණිරස මදුවිත දිවෙන්
ගතින් ඒ මත් වූ සිතින්
ඝන අදුරට බිලිඋනේ කාසි වල පෙමෙන්
පලවෙනිපාර වෙලා භාර අතහැරියා මම
නුඹ නැත්තම් සුදු නෝනා කුරු ගනිනව මම
මම ගිය පාර කටුක වටිනව අද ලෝකෙම මට
යනවා මම යනවා වේදනා කන්ද ඉවසාගෙන
පිපිරෙයි ගිනිකදු නුබ ගාවට ලං වෙද්දී
වටිනාකම දැනුනා ලෝදියෙන් පිච්චෙද්දි
සතුටු උනාලු උන් මගෙ ලෝකෙ හිස් වෙද්දී
හිටියා මටත් රෝස මලක් මා හට උන් වල කපද්දී
අදුරු වැරදි පාරේ ඇවිදන් ගියා මා තනිවෙලා ශෝකේ
නැවතත් මා ඉපදුනා සිත සැනසුනා
හිත තනියම හිනැහුනා නෙතු මත්වෙලා දැවටිලා නුබේ සුසුමේ
නැවතත් මා ඉපදුනා සිත සැනසුනා
නෙතු සීරුවෙන් මා හද වෙලා
ඔබේ සිහිනේ මා මත් වෙලා
පාලුවෙන් මිදවූ ඔයා
මටද මා තහනම් වෙලා සොදුරියේ...
යද්දී එද්දී පාරේ දැක්කම පොඩි උන්ගේ හිනාව
මතක් වුනේ උන්ට කවපු ඒ මගේ ඉනාව
ගිනි තිබ්බේ එක එකාගේ පව්ලේ බැදීමට
නිකම් නෙවේ සැපේ ඉන්න මිල්ල සෙවීමට
බැදලා පවුරු හැදුවා අහසේ මාලිගා
උකස් කළා උන් දැකපු ඒ හැම හීනෙම
අත උඩ වික්කේ නැති පොඩි උන්ගේ අනාගත
මන් වින්ද සැප ඉඳගෙන සැප මත්තෙම
අමාවක සැගවී ගියා සද ආ... දා...
නෙතු සීරුවෙන් මා හද වෙලා
ඔබේ සිහිනේ මා මත් වෙලා
පාලුවෙන් මිදවූ ඔයා
මටද මා තහනම් වෙලා සොදුරියේ...
Written by: Dumiya Doo, Sajith Madusanka
instagramSharePathic_arrow_out

Loading...