Credits

PERFORMING ARTISTS
Evill D Zayge
Evill D Zayge
Performer
COMPOSITION & LYRICS
rashmika weerasinghe
rashmika weerasinghe
Composer
PRODUCTION & ENGINEERING
Dilipa Dilu
Dilipa Dilu
Producer

Lyrics

මන්දාරමෙන් ආ ස⁣ඳේ
මේ රැයේ
සන්තාපයේ නිම් තෙරේ
මා හදේ
සංවේදනා මල්
හීසරෙන් බැ⁣ඳේ
මට කියන්න කො නුඹ
කව්රුදේ ල⁣ඳේ..
මා හට කියන්න කො නුඹ
කව්රුදෝ ළදේ
නුඹ මලකි මා අත ගත්
පුර සඳකි රෑක හිත දුන්
පෙමී හීනයේ මා
ලද එ සරදම්
මට ඉඟි කරයි හොරැහින්
දුන් ආලයේ හැඟුමන්
හද මන්දිරේ මා
ලද ඒ සරදම්..//
රැඟුමෙන් මත් වෙලා මං දැකලා පා සලඹත්
ඈ උනා රඟ මඬලක් මං දෑස නොපියා බලන්
දුර ඉගිලුනොතින් අතීතෙටත් නෑ හෙටක්
හද ගැස්මත් ගලන ගඟක් තොටියත් නොදන්න අගක්
හිරිකඩ වැස්සෙ තෙමිලා සීතලත් දැන් නුහුරුද
තනියට පාර කිව්ව ආදරේ ගැඹුරුද
උනා නං ඔයා ඇමක් මම බාඳුරා මල
කියන්න කාගෙද නුඹ - මටම මවපු හඳ
ලංසු දීලා මිල කරන්න බැරි ඔයා මැනිකක්
වෙන්දේසි දාලා සින්න උනොතින් ඒක මට අඩුවක්
අඳින්න බෑලු චිත්‍රේ මං වෙලාලු ඔයාගේ තුරුම්පුවක්
කපන්න බෑලු ඉත්තා වගේ මං හිර වෙලා නෑ පැරදුමක්
ලියන්න ගත්තු වචනයේ ඔයාම වෙන්න තනුව
හදන්න බෑ මේ පිස්සව හොයන්නෙ පරන හාදුව
බිඳින්න තිබුනොත් ඇති, අපිට ලෝකෙ හදපු රාමුව
අයදින්න නුඹෙන් ජීවිතේ මං එන්නෙ වරෙන්තු නැතුවම
ආදරෙන් කියන
ඈ නොනිදා ළඟ රැදෙන
ජීවීතේ සුන්දරයි..
මන්දාරමෙන් ආ ස⁣ඳේ
මේ රැයේ
සන්තාපයේ නිම් තෙරේ
මා හදේ
සංවේදනා මල්
හීසරෙන් බැ⁣ඳේ
මට කියන්න කො නුඹ
කව්රුදේ ල⁣ඳේ..
මා හට කියන්න කො නුඹ
කවිරුදෝ ළදේ..//
Written by: rashmika weerasinghe
instagramSharePathic_arrow_out

Loading...