Credits
PERFORMING ARTISTS
Nethsara Weragoda
Performer
COMPOSITION & LYRICS
Nethsara Weragoda
Songwriter
PRODUCTION & ENGINEERING
Nethsara Weragoda
Producer
Lyrics
හිත කියනා
නුඹ ගැන මා
ගලනා කඳුලක පවා
සිරකරනා
සිතුවිලි හා තනිවෙලා
දින ගෙවෙනා
කතරක මා
හද පාරන් රෑ දිවා
යළි නොඑනා
නුඹ කොහෙදෝ සැඟවිලා
මේ හිත ලඟ පේන මානයක හිදිමින්
මතකෙට ඒද රාත්රියක සඳ මෙන්
ගිලිහෙන වාර ගානේ නෙතු අතරින්
සොයනවා නුඹව මා
ඔය හද පෑව ආලයක දැවෙමින්
කළුවර පාලු මීදුමක වෙලෙමින්
හිමිවන නොවන තැනක හිත දුවමින්
සොයනවා නුඹව මා
ඒ සිනා
කී කතා
මතකයේ තාම සිහිවෙනා
පෑරෙනා
කාරණා
මා හදේ ඇන්ද වේදනා
නුඹ වාගෙ කවුරුවත්
දැනිලා නෑ ඒ තරම්
යළි මා හමුවන දා පවසන්නම්
මේ හිත ලඟ පේන මානයක හිදිමින්
මතකෙට ඒද රාත්රියක සඳ මෙන්
ගිලිහෙන වාර ගානේ නෙතු අතරින්
සොයනවා නුඹව මා
ඔය හද පෑව ආලයක දැවෙමින්
කළුවර පාලු මීදුමක වෙලෙමින්
හිමිවන නොවන තැනක හිත දුවමින්
සොයනවා නුඹව මා
Written by: Nethsara Weragoda

