歌词
මා මග හැරලා ඈ යනවා
හිතවතියේ මා තනිවෙනවා
නෙතඟින් රූරා බොඳ වෙනවා
අඳුරේ උණුහුම සිහිවෙනවා
මට නොකියා ඔබ මා හද පාරා
ඇවිද ගියේ ඔබමයි මා නොබලා
කඳුළු වලින් ගෙවෙනා මේ හෝරා
නොදැනෙන්නේ කිමදෝ ළඳේ
රෑ පුරා නුවන් අරා හිතින් කතා කරා
රෝසමල් දෙතොල් වලින් ඈ මාව මත් කරා
රාගයේ කාරණා රහසේ කොඳුරලා
මතකයේ වේදනා ඈත ඈත පාවෙලා
රෑ අම්බරේ පෙම් අන්දරේ
හමිහිට ඔබෙ තොල මත රඟදී
කීව කතන්දරේ
මේ යාමයේ රස කාමයේ
හඳ එලියෙන් දිලිසෙන රුව හිතේ
ලීව කතන්දරේ
මට නොකියා ඔබ මා හද පාරා
ඇවිද ගියේ ඔබමයි මා නොබලා
කඳුළු වලින් ගෙවෙනා මේ හෝරා
නොදැනෙන්නේ කිමදෝ ළඳේ
රෑ පුරා නුවන් අරා හිතින් කතා කරා
රෝසමල් දෙතොල් වලින් ඈ මාව මත් කරා
රාගයේ කාරණා රහසේ කොඳුරලා
මතකයේ වේදනා ඈත ඈත පාවෙලා
රෑ පුරා නුවන් අරා හිතින් කතා කරා
රෝසමල් දෙතොල් වලින් ඈ මාව මත් කරා
රාගයේ කාරණා රහසේ කොඳුරලා
මතකයේ වේදනා ඈත ඈත පාවෙලා
Written by: Jeewaka Weerasinghe, Jerome Shamen Perera


