Lyrics

කඳසුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන කඳසුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද පිබිදුනු සිතැතිව පුදදෙමු බැතියෙන ඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා... ඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා... සත්ගිරි වටකොට ඔබෙ නිවහන ඇත සත්සිඳු පතලව ඔබෙ කිතුගොස ඇත සත්ගිරි වටකොට ඔබෙ නිවහන ඇත සත්සිඳු පතලව ඔබෙ කිතුගොස ඇත ඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා... අද ඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා... මයුරාසන මත වැජඹෙන තෙදැතිව උතුරන හදකින් පුදදෙමු බැතියෙන මයුරාසන මත වැජඹෙන තෙදැතිව උතුරන හදකින් පුදදෙමු බැතියෙන ඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා... අද ඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා... කඳ සුරිඳුනි ඔබෙ පිහිට ලැබේවා මගෙ රට සව්සිරියෙන් සපිරේවා කඳ සුරිඳුනි ඔබෙ පිහිට ලැබේවා මගෙ රට සව්සිරියෙන් සපිරේවා ඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා... අද ඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා...
Writer(s): Clarence Wijewardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out