Songtexte

මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ මුව මදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ ඉඟියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ ඔබ හිනැහේවී පුන්සඳ වාගේ පායාලා මාගේ ලොවේ මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ ඇයිදෝ නොහැඟේ ලෙන්ගතු වූයේ ඔබ මා ලංවීලා මෙසේ ලතැවුල් ජීවේ සංසිඳ වූයේ දෙනෙතේ දල්වාලා සෙනේ ඔබ සුව ගේනා සුවඳක් වාගේ පාවේවී මාගේ ලොවේ මනලෝලි මනමාලියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ දැවටී ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සංසාරයේ එක් වීලා අතිනත් වෙලා ආවා වාගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out