Songtexte

කොණ්ඩෙ ඉණ ළඟට හැඩයි කෙට්ටුයි මගේ මුර්ගයා උඹගේ ළඟදි මට්ටුයි ළඟ නැති උනත් හිතට හරිම කිට්ටුයි ගනන් ගන්නෑ ආඩපාලි කිව් උනුයි, රට්ටුයි මම එන්නෙ කලින් මතක ගසල දාලා එබෙන්නෙවත් නෑ කව්රුත් උඹ අඟළු දාලා ඔය රතු කම්මුල් පෙති අතගාලා මගේ ආදරේ දෙන්නම් බැලුමේ ගැටගහලා ආසනෑ මන් සඳළුතලේ හඳපානක සැනසෙන්න යමුද කැලේ? ඔය ආදරෙ කොටාගත්තා වගෙලු ගලේ මාව පැටලිලා මටත් හොරෙන්, උඹගේ දැළේ ඔයා කළින් මගෙ හොඳ මිතුරි දැන් පෝරුවේ වැඩ විතරයි මට ඉතිරි උඹේ ආලේ රෝගයක් වගේ ඇඟේ පැතිරි මන් දැඩිසත්කාරයේ ඉන්නවා වැතිරි! ඒ, හිත අරන්ද දුවන්නෙ දැන් සඳ දෙන්නම් දැන් අහසින් අරන් ආලේ දැනෙන්න කියන්නෙ මන් රවටන්න නම් හිතක් නෑ දැන් හිත් යාවී තියේ සුසුමන් පාවී ගියේ අත්වැල් බැඳී තියේ රැඳී තියේ ආදරේ හදවතේ සද්දේ ලබ්-ඩබ් නෙමෙයි නුඹේ නමයි වඳින්නෙ දැන්නම් කෙල්ලෙ, ඔය ශෘන්ගාර බැල්මන් නිසා, හිත තිස්සෙම ඔයා ගාව සක්මන් ඔය තොල්පෙති අතරින් කිමිදෙන්න එනවද කළුවරේ අත් අල්ලන් යන්න? හීන කැන්දන් මුළු රෑම ළඟ ඉන්න දෙනවද බහ නුඹ සින්නක්කර ගන්න? මම සූරපප්පා, ඔයා මගේ අරිෂ්ඨ ක්ලියෝපැට්ට්රා සීයක් මැද්දෙ ඔයයි මට විශිෂ්ට පුෂ්පයක් ඔයා හරි සුවඳට පිපිච්ච මම තමයි ඹබරා රොන් ගන්න හිතිච්ච හිත කලබන රෑනාවී ඔව නෙතු යුගලට මගෙ හිත යාවි අද, හෙට දවසක නුඹ මට බහදි ළඟ නවතිලු මගෙ හිත මට පවසාවී ඒ, හිත අරන්ද දුවන්නෙ දැන් සඳ දෙන්නම් දැන් අහසින් අරන් ආලේ දැනෙන්න කියන්නෙ මන් රවටන්න නම් හිතක් නෑ දැන් හිත් යාවී තියේ සුසුමන් පාවී ගියේ අත්වැල් බැඳී තියේ රැඳී තියේ ආදරේ රෑට හීනෙන් කෙල්ලේ නුඹ ගාව සමාන කරන්න දේවල් නෑ මට උපමාව දවසක් කල්පයක් වගේ නුඹ ගාව ඉන්න ආසයි දෙන්න යන්ද රව්මක් හඳගාව? නුඹේ හිනාවෙන් නිවෙන්නේ මගේ වේදනා පුෂ්පරාගෙ නුඹයි ජීවිතෙ සතුට කැන්ඳනා දුටුවන් මන බන්ඳනා බහට මගේ කැන්ඳනා ඇඟෙඅත පතා කොල්ලො ඇඟෙ දෙපතුල් වන්දනා රැඳුන තැනම මා හදවත නැවතුනෙ හනිකේ, මේ ඔබ ළඟ වෙන්න මගෙ බාරී මේ දවසක අත්වැල් පටලන් යන් ඒ හවසක හිතින් නුඹ කෙරේ බඳින්නම් ආලේ කැන්දන් යන්නම් දවසක, නැසියො මැද්දෙ පළඳා මාලේ නුඹත් එක්ක ඉන්න දවස ගෙවෙන්නෙ පැයදැන් ගානේ වෙනවද කෙල්ලේ මේ කිකාගේ වාහේ ඒ, හිත අරන්ද දුවන්නෙ දැන් සඳ දෙන්නම් දැන් අහසින් අරන් ආලේ දැනෙන්න කියන්නෙ මන් රවටන්න නම් හිතක් නෑ දැන් හිත් යාවී තියේ සුසුමන් පාවී ගියේ අත්වැල් බැඳී තියේ රැඳී තියේ ආදරේ
Writer(s): Dileepa Madushan, Thilanka Darshana Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out