Credits
PERFORMING ARTISTS
Sanath Nandasiri
Performer
Sunil Gunawardhane
Performer
COMPOSITION & LYRICS
CRS
Songwriter
Songtexte
හිච්චි නගේ! හිච්චි නගේ!
හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා
ලපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නගේ! හිච්චි නගේ!
කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
ගම් පියසේ මං හිටියේ විලංගුවේ
කොළඹ රටේ ඔබ ඉන්නා සුනංගුවේ
ගම් පියසේ මං හිටියේ විලංගුවේ
රෑ යාමේ හමුවී මට දෙවොල් පොලේ
ලොකු මාමා ඇයි තරහින් දොස් කීවේ
හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා
ලපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නගේ! හිච්චි නගේ!
දුරස් වෙලා හිටියත් ඔබ කොලොම්පුරේ
හද සුවඳයි රැඳුනේ ළඟ නිරන්තරේ
දුරස් වෙලා හිටියත් ඔබ කොලොම්පුරේ
හද සුවඳයි රැඳුනේ ළඟ නිරන්තරේ
හරස් වෙලා හැමදෙනාම කිමද නගේ
ඔබෙයි මගෙයි ආදර ලොව පළුදු කළේ
හිච්චි නගේ බාලේ හිඳ හැංගි හොරා
ලපටි හිතින් මට මතකයි විහිළු කළා
හිතට හොරා මල් පිපුණා ආල නුරා
අද මොකදෝ මං දුටුවම වෙනස් වෙලා
හිච්චි නගේ! හිච්චි නගේ!
හිච්චි නගේ! හිච්චි නගේ!
හිච්චි නගේ!
හිච්චි නගේ!
Written by: CRS