Στίχοι

අනුරාගිනි දෑසේ නැලවී හොර රහසේ ඔය නා දළු පහසේ කිමිදෙමි මං බෝ සේ අඳුරේ සීතල නෑ ඉතින් දැනුනේ තුරුලේ සියොලඟ ගිනිගෙනයි දැවුණේ කළුවරේ තොල්පෙති දිගේ මුදු සීතලක් ගැලුවේ ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ හිතුමතේ තොල් පෙති උරා මත්වී ගියා සෙනේ හාදු දෙන්න නර්ථනාවියේ සුදු සේලය හුළඟේ ගිලිහී බිම වැටුණේ උණුහුම ලද යහනේ හැඟුමන් හති වැටුනේ අඳුරේ සීතල නෑ ඉතින් දැනුනේ තුරුලේ සියොලඟ ගිනිගෙනයි දැවුණේ කළුවරේ තොල්පෙති දිගේ මුදු සීතලක් ගැලුවේ ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ හිතුමතේ තොල් පෙති උරා මත්වී ගියා සෙනේ හාදු දෙන්න නර්ථනාවියේ දෙසවන පුරා කොඳුරන කතා මට පවසන දේ තේරුණා ඇස්පිය වසා (ඇස්පිය වසා) කම්මුල් පුරා දඟකාරකම් විසිරුනා කළුවරේ තොල්පෙති දිගේ මුදු සීතලක් ගැලුවේ ලය පුරා ඉහිරී ගියා ඔබේ ආදරේ හිතුමතේ තොල් පෙති උරා මත්වී ගියා සෙනේ හාදු දෙන්න නර්ථනාවියේ
Writer(s): Sandaruwan Jayasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out