Συντελεστές

PERFORMING ARTISTS
Sujan Fernando
Sujan Fernando
Performer
Sandaruwan Jayasinghe
Sandaruwan Jayasinghe
Music Director
Harsha Costha
Harsha Costha
Performer
COMPOSITION & LYRICS
Sandaruwan Jayasinghe
Sandaruwan Jayasinghe
Composer
Harsha Costha
Harsha Costha
Composer
Thushan Silva
Thushan Silva
Composer
Avishka Indurage
Avishka Indurage
Composer
PRODUCTION & ENGINEERING
Sandaruwan Jayasinghe
Sandaruwan Jayasinghe
Recording Engineer
Avishka Indurage
Avishka Indurage
Producer

Στίχοι

මේ නව අවුරුද්දේ මේ හිරු දෙවියන්ගේ
සිරි සුභ නැකත උදාවේ
මේ තුන් හෙළයන්ගේ දොම්නස් දුරුවෙන්නේ
සිරිලක සතර දිසාවේ
ලබන්නේ ලබන්නේ අවුරුද්ද ලබන්නේ
ආං එරබදු මල් පොට්ටු පිපෙන්නේ
බලන්නේ බලන්නේ මුලු රටම බලන්නේ
ආං අවුරුදු ගම්මැද්දෙ ඇහෙන්නේ
සිතඟ පුරා පැතුම් පතන්නේ රන් මුවඟ පුරා සිනහ නගන්නේ
තුන් හෙළ රටටම ආයු වඩන්නේ සිංහල නව අවුරුද්ද ලබන්නේ
සාලේ අවුරුදු සාදේ සමරමු
සෙල්ලම් පස්සෙ හොඳා වරෙන් ළමයිනේ
රාලේ ගනුදෙනු ආවේ නැකතලු
වැඩ අල්ලන්න මෙයයි වෙලාව වෙන්නේ
සිනහා වන්නට තරහාවන් අතහැර - ආවා ඕං අවුරුදු වසන්තේ
නෑගම් යන්නට නෑදෑකම් අරගෙන - ආවා ඕං අවුරුදු වසන්තේ
සිතඟ පුරා පැතුම් පතන්නේ රන් මුවඟ පුරා සිනහ නගන්නේ
තුන් හෙළ රටටම ආයු වඩන්නේ සිංහල නව අවුරුද්ද ලබන්නේ
අවුරුදු කාලෙට ගැටවුන් රොත්තට
කොයි ගම්මානෙ වුනත් කරක් ගහන්නේ
මල් ඔන්චිල්ලෙක වෙල් ඉපනැල්ලක
ආං මයෙ නංග ගැටිස්සියන්ගෙ අයිනේ
සිනහා වන්නට තරහාවන් අතහැර - ආවා ඕං අවුරුදු වසන්තේ
නෑගම් යන්නට නෑදෑකම් අරගෙන - ආවා ඕං අවුරුදු වසන්තේ
සිතඟ පුරා පැතුම් පතන්නේ රන් මුවඟ පුරා සිනහ නගන්නේ
තුන් හෙළ රටටම ආයු වඩන්නේ සිංහල නව අවුරුද්ද ලබන්නේ //
Written by: Thushan Silva
instagramSharePathic_arrow_out

Loading...