Lyrics

රුදු සසර ගිනී බුදු ඇසට පෙනී ගිනි නිවන මෙහී වැසි වසිනු මැනී නිස්සාර වූ සංසාරයේ දුක් වේදනා මිදෙනා නියා පුතුනූ අපේ හැරදා ගියේ යශෝදරා හා බිලිඳු පුතා කම්පා නොවන් සඳ, මහමායා කුමාරයා හැරදා ගියා තුන් ලෝ උතුම් බුදු පදවි පතා කුමාරයා හැරදා ගියා මහමායා! මහමායා! කම්පා නොවන් මහාමායා මහමායා! මහමායා! කම්පා නොවන් මහාමායා රුදු සසර ගිනී බුදු ඇසට පෙනී ගිනි නිවන මෙහී වැසි වසිනු මැනී රුදු සසර ගිනී බුදු ඇසට පෙනී ගිනි නිවන මෙහී වැසි වසිනු මැනී අඩුවක් වුණාදෝ ජීවිතේ ඉසුරින් පිරී මේ මාළිගේ ගැටුමක් ඇතැයි සිතුනා සිතේ හැරදා ගියේ ඇයි මාළිගේ සදහම් අමා වැහි හෙලනා රඟේ නොසැලී බලන් මහාමායා සසරින් මිදී පුතු වඩිනා රඟේ නොසැලී බලන් මහාමායා මහාමායා! (රුදු සසර ගිනී) මහාමයා! (බුදු ඇසට පෙනී) කම්පා නොවන් (ගිනි නිවන මෙහී) මහාමයා! (වැසි වසිනු මැනී) මහාමායා! (රුදු සසර ගිනී) මහාමයා! (බුදු ඇසට පෙනී) කම්පා නොවන් (ගිනි නිවන මෙහී) මහාමයා! (වැසි වසිනු මැනී)
Writer(s): Chandrasena Thalangama, Charitha Attalage Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out