Letras

මනසේ දොරගුලු කඩාලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියාලා නෑ දැනන් හිටියේ මා තරහක් නැතේ මගේ හිතේ අදටත් ඔබ කෙරේ නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා... තවමත් රෑපේ ඔබගේ රහසේ මම තියා මොහොතක් ගානේ බැලුවේ නොබලා බැරි නිසා ජීවිතේට ආදරේ - හීනයේ තියා වාසනාව මා වෙතින් - පාවෙලා ගියා. නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා... මිහිදන් වෙච්ච අපගේ ඇසුරේ අග සොයා අදටත් එදා වාගේ මම දුක් විදිනවා. සාගරේක වේදනා - රංචුවක් වෙලා හීසරේක වේගයෙන් - ආවා මා කරා. නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා... මනසේ දොරගුලු කඩාලා ආදරේ කල ඔයා මිරිගුවක් වෙයි කියාලා නෑ දැනන් හිටියේ මා. තරහක් නෑ මගේ හිතේ අදටත් ඔබ කෙරේ. නොඑනා දුරක සිටියත් මාගේ දෑසින් සැගවිලා හැරිලා නැවත එනකල් ඔබගේ මත්තේ හිදිමි මා...
Writer(s): Rajkumar Thillaiyampalam, Sajith Fernando Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out