Vídeo musical
Vídeo musical
Créditos
PERFORMING ARTISTS
Iraj
Performer
COMPOSITION & LYRICS
Iraj Weeraratne
Composer
Letras
පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මට පෙන්වා කෝමළ සිහිනේ
ආල කතන්දර වාගෙ ලොසින්ජර
කාසි පනම් මත බැඳි ආලේ
පෙම් කෙරුවා පෙම්බර මැණිකේ
මං පැතුවා යන්නට දීගේ
පිටතින් සුන්දර ඇතුලින් ගින්දර
මාව ගිලන් කළ මගෙ වාහේ
රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා
මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා
ස්ථිර ආලෙ අස්ථිර වූයෙ
අස්කර ගන්නට බෑ මගෙ පේමෙ
හැරුනු අතේ හිස මම යනවා
පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මං වැටුනා වක්කඩ පල්ලේ
කඳුල මකන්නට සිනා නගන්නට
තොල් අග ගාගෙන මදු පානේ
පෙම් කෙරුවා සුන්දර මැණිකේ
මං යනවා හවසට පැත්තේ
මාල වළලු තැලි තෑගි කරපු හැටි
මතකයි ණය වී කඩ ගානේ
රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා
මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා
ස්ථිර ආලෙ අස්ථිර වූයෙ
අස්කර ගන්නට බෑ මගෙ පේමෙ
හැරුනු අතේ හිස මම යනවා
මම බැඳ ගත්තට බෙරය
ඒත් ගහන්නෙ නම් වටේ එවුන්
උඹ නැටුවට නැටුම
පද ටික හදන්නෙ ගමේ එවුන්
මටත් වඩා උඹව දන්නෙ
ගමේ ඉලුක් පඳුරැ
මම හොයන් ආපු එක ඉබ්බට
ගම වටේම යතුරු
රෑට රෑට ගෙදරට එන විසේ කුරුට්ටා
මැණිකෙට පෙම් කරනව රටම හිනස්සා
ස්ථිර ආලෙ අස්ථිර වූයෙ
අස්කර ගන්නට බෑ මගෙ පේමෙ
හැරුනු අතේ හිස මම යනවා
Written by: Iraj Weeraratne