Créditos
PERFORMING ARTISTS
Dayan Witharana
Performer
COMPOSITION & LYRICS
Dayan Witharana
Songwriter
Letras
සිත්තම් කරමින් මනසේ ඔබේ රැව
කවදා හෝ යළි දකින තුරා....
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගේ සවනත වැකෙන තුරා...
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා....
දෙලොවක් අතරේ සරන ඔබේ හිත
මෙතරම් සසැලෙන් නැතුව ඇති
ඔබ මගේ මුළු ලෝකයම නිසා මට
වැඩියෙන් දුක දැනෙනවා ඇති
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා....
භවයෙන් භවයේ අහිමිව හිමි වන
නොපිරෑ පාරමිතාව පුරා
සමුගනිමුද අපි අපේම වූ මතු
භවයක යළි හමුවෙමුයි පතා
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා....
සිත්තම් කරමින් මනසේ ඔබේ රැව
කවදා හෝ යළි දකින තුරා....
රැව් පිලිරැව් දී ඇසෙන ඔබේ හඬ
යළි මගේ සවනත වැකෙන තුරා....
විඳින්න දුන් ජීවිතය අරන් මම
විඳවන්නද මේ භවය පුරා
Written by: Dayan Witharana

