album cover
Thrillium
album cover
Thrillium fue publicado el 25 de septiembre de 2026 por Magampura Records como parte del álbum The Thrillium
25 de septiembre de 2026
SelloMagampura Records
BPM150
Melodicidad
Acústico
Valence
Bailabilidad
Energía

Vídeo musical

Vídeo musical

Letras

මා ඉද්දි තදින් බැඳී
ගිලිහෙද්දි ඇති බැඳීම්
තව අල්ලා ගනින් තදින්
අතෑරෙන්නට නොදී ආයේ
අතෑරෙන්නට නොදී ආයේ
 
පැටලී උගුලකදී
ගැට ලිහා ගන්න නොදී
රිදෙද්දි ආයේ අදී
හිරවෙද්දි බෙල්ල තදින් ආයේ
හිරවෙද්දි බෙල්ල තදින් ආයේ
 
නටාවි නැට්ටුවා පන්දාහේ
අපි උපන්නේම අපායේ
මම දන්නේ නෑ මං මොන නිකායේ
කනා දන්නේ නෑ මොනාද කියා
මාණික්‍යයක් හැපුනත් පයේ
මාණික්‍යයක් හැපුනත් පයේ
මාණික්‍යයක් හැපුනත් පයේ
ගේම පිහිනීමයි උඩුගම් බලාලා ගං දියේ
උකුසු ඇස් මෙන්ම බිලාල කන් තියේ
සමාජේ පහළම පන්තියේ
සමත් විභාග හන්දියේ
තේරුම් ගනින් කන්දක් නැග්ගොත් පල්ලම් තියේ
නෑ තිබ්බේ නින්දක්
හෙලවෙයි ඉතින් දත්
බෑ බං කියන්නත් මට තිබ්බේ නෑනේ කොන්දක්
ආයේ නෑ ඇවිල්ලා
හෙවිල්ලක් බැලිල්ලක්
බොක්ක දෙන්න යාළුවෝ හිටියා නේ නොයිල්ලත්
හැමදේම කලාත්මකයි කාරයෙක්ට කලා
ඔව් පීනපු එකෙකි මං මේකේ උඩුගම් බලා
මං වගේ එකෙක් නෑ බොරු නම් හොයපන් බලා
සාසනෙ දෙන්නෙක් හිටියේ නෑනේ ආනන්දලා
මුං දන්නෑ වගේ බලුකම් කරාවි
දාගෙන ඉන්නේ කළු කණ්ණාඩි
එපා සල්ලි බල්ලොත් කන්නැති
යාළුකමටයි අපි නඩු කන්න ආවේ
ඕන නෑ දිය කලම්බන්න ආයේ
නිහඬව හැරී බලපන් ආයේ
හලන්න ඕන උන් හලපන් ආයේ
මල්ලියා මේවා කොලොප්පන් නේවේ
නොගැලපේ නම් බෑ ගලපන්න ආයේ
වෙන දේවල් බෑ වලක්වන්න ආයේ
හොයා මං වගේ පලක් නෑ ආයේ
පුරා ලංකාවේ පොරක් මං වාගේ
ප්‍රේතයෝ නෑ මළබත කන්න ආවේ
ඉදම්මේ ඥාති දත පන්නාවි
සල්ලි ලැබුණාවේ
බල්ලෝ මැරුණාවේ
මෙත්ත වඩති මුන් සත්ව කරුණාවේ
තිත්ත හරි රහයි ඇත්ත මැරුණාවේ
කරුණක් කියන්නම් මං අහපන් ඕනකමින්
මැරුණත් කමක් නෑ මරණය යන්න ඕන ගමේ
ඉවරයක් තියෙන්න ඕන කවදා හරි මේ නාඩගමේ
උපරිමයි අඩුවක් නම් නෑ මගේ මෝඩකමේ
මළදාට අනවශ්‍යයි ගුණගී මල් වඩම් තොරණ්
පලදාව පතන්නෙ තල නම් ඇයි වී වගා කරන්
තමා තමාව දන්නවා නම් තමාටම හරි මාවතක් තෝරන්
මොක්පුර නොදැක ගියොත් දිවිතූරන්
මා නොදුටුවත් දකීවා මුණු පුරන්
ගැලෙව්වත් පාර මැකෙන්නෑ ඇනේක
අතෑරලා දීපල්ලා දෙන එක
කටු වුණත් රහට කාපන් කන එක
දරන් හිටපන් දුක් වින්දත් අනේක
සෙල්ලමක් නෙමෙයි මේක
ආපස්සට ඒවි නොදන්වාලා
මහ එවුඋන් රට බයිලා උගන්නාලා
පිස්සු කෙලිනවා පොඩි *කන්නාලා
ජීවිතේ විඳිමු ඇති තරමේ
බේරි ආ පවට නොවැටී සරමේ
අපි දන්න එවුන් දන්නැති ධර්මේ
ඇයි බණට නොකියන්නේ අභිධර්මේ
ඇයි බණට නොකියන්නේ අභිධර්මේ
මා ඉද්දි තදින් බැඳී
ගිලිහෙද්දි ඇති බැඳීම්
තව අල්ලා ගනින් තදින්
අතෑරෙන්නට නොදී ආයේ
අතෑරෙන්නට නොදී ආයේ
 
පැටලී උගුලකදී
ගැට ලිහා ගන්න නොදී
රිදෙද්දි ආයේ අදී
හිරවෙද්දි බෙල්ල තදින් ආයේ
Written by: Kaushan Gunarathne, Nilan Adeesha Edirideera
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...