album cover
Phoenix Kirilli
album cover
Phoenix Kirilli fue lanzado el 26 de noviembre de 2022 por The Night Without Her como parte del álbum Swetha
ÁlbumSwetha
26 de noviembre de 2022
Sello discográficoThe Night Without Her
BPM
Melodía
Nivel de sonidos acústicos
Valence
Capacidad para bailar
Energía

Letra

කවිය ඇය පද නැතී
තනුව විය ස්වර නැතී
ගැයුම රැය එළි වෙතී
එළිය විය අඳුරැතී
හිත හදන් අළු ගසන්
මං මරන් ඉපදියන්
Phoenix කිරිල්ලී
Phoenix කිරිල්ලී
අළු ගිනියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී
ජීවිතය තනියෙන්
වේදනා දැනියන්
ආදරේ ගිනියම්
හීනයකි අනියම්
අතීතේ අළු කරන්
අළු වලින් පණ අරන්
ගිනි මැදින් තෙද අරන්
ඉපදුණා
ලබැඳි සඳැල්ලේ
හිතින් මා නිදැල්ලේ
ගිනියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී
ලෝකයක ගැරහුම්
ආදරේ ඉහිරුම්
හිත් බිඳපු ගෙරවුම්
ලක්ෂයයි හැරවුම්
අතීතේ අළු කරන්
අළු වලින් පණ අරන්
ගිනි මැදින් තෙද අරන්
ඉපදුණා
ලබැඳි සඳැල්ලේ
හිතින් මා නිදැල්ලේ
ගිනියම් කැදැල්ලේ
Phoenix කිරිල්ලී
Written by: Lakshantha Brian, Tharindu Damsara

Loading...