Video musical
Video musical
Créditos
ARTISTAS INTÉRPRETES
Paul Fernando
Intérprete
Sahara
Intérprete
COMPOSICIÓN Y LETRA
Paul Fernando
Autoría
Letra
එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ
උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ
උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ
දෙමට කැලෙන් දර අහුලාගෙන එනවා
දෙවට ළිඳෙන් කළයට දිය ගෙන එනවා
ඕලු විලෙන් දිය නාගෙන ගෙට එනවා
පාළු කුඹුර උඹ හින්දම වපුරනවා
මගෙ පාළු කුඹුර උඹ හින්දම වපුරනවා
කදුරු වෙලෙන් පන් උදුරාගෙන එනවා
පැදුරු වියන් ලස්සන රටා මවනවා
අඳුර මකා හවසට හඳ පායනවා
සොඳුර නිසා ගමටම කිරි උතුරනවා
ප්රිය සොඳුර නිසා ගමටම කිරි උතුරනවා
එගොඩ ගොඩේ මල් නෙළනා මල් එතනෝ
මෙගොඩ ගොඩට අත වනනා මල් එතනෝ
එගොඩ මෙගොඩ ඔරු පදිනා මල් එතනෝ
උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ
උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ
උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ
උඹ කාගෙද උඹ කාටද මල් එතනෝ
Written by: Paul Fernando