Crédits
INTERPRÉTATION
MG Dhanushka
Interprète
Prakash Ranasinghe
Interprète
COMPOSITION ET PAROLES
Udara Samaraweera
Composition
Saman Edirimuni
Paroles/Composition
Prakash Ranasinghe
Arrangement
PRODUCTION ET INGÉNIERIE
Prakash Ranasinghe
Production
Paroles
තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ
ඉන්න මා හැර දා නොයා....
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
දෙනවා මං නොමිලෙම ලියා
මගෙ පාළු ජීවිතයේ
තනියට තනිකම රැඳුනේ
ඔය නුහුරු නෙතු බැල්මේ
හුරු හිතවත් කම තිබුනේ...
තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ
ඉන්න මා හැර දා නොයා....
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
දෙනවා මං නොමිලෙම ලියා
දිගු නීල ඇස් රහසේ
ඉගිලෙයි නොපෙනෙන මානේ
මගෙ හීන මට ඕනේ
කවදද ඔබ මගෙ වෙන්නෙ
තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ
ඉන්න මා හැර දා නොයා....
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
දෙනවා මං නොමිලෙම ලියා
සඳවත අහසින් වැටිලා
උන්නද මන්දා මිදුලේ
නොකියම ඔය හිත උදුරන්
යන්නට හිතුනා කෙල්ලේ
තනි වූ වෙලාවක ඔබ මගේ ලඟ
ඉන්න මා හැර දා නොයා....
පපුවේ තියා හිස ඉල්ලුවොත් හිත
දෙනවා මං නොමිලෙම ලියා..
Written by: Saman Edirimuni, Udara Samaraweera

