गाने

මගේ ලගට වී සුරතල් උනහැටි යන්තමට වගේ මට මතකයි යලි දැකගන්නට ආසයි මල් කැකුලක් වගෙයි ලස්සන ඔබෙ රුව සිහිනෙන්වත් ඇවිදින් හිනැහෙනුමැන ආදරෙන් එවිට මාගේ හිත සැනසේවී සොයුරියේ මගෙන් වෙන්වී සුරලොවට ගිය සොයුරියේ මේවන තුරු ඔබ මාලග සිටියා නම් මල්ලියේ කියා මට අමතා ආදරෙන් කතාකරන හැටි ඇහෙනවා වගෙයි අම්ම තාත්තා තවමත් ඔබ ගැන සිහිකරමින් ලතවෙන්නේ පතමි මා මෙලෙසින් හමුවනුමැන සොයුරියේ මගෙන් වෙන්වී සුරලොවට ගිය සොයුරියේ මේවන තුරු ඔබ මාලග සිටියා නම් මල්ලියේ කියා මට අමතා ආදරෙන් කතාකරන හැටි ඇහෙනවා වගෙයි මගෙ මතකයේ ඔබ සැරිසරයි ඔබෙ නාමයෙන් ගැයූ ගීතයයි මගෙන් වෙන්වී සුරලොවට ගිය සොයුරියේ මේවන තුරු ඔබ මාලග සිටියා නම් මල්ලියේ කියා මට අමතා ආදරෙන් කතාකරන හැටි ඇහෙනවා වගෙයි මගෙන් වෙන්වී සුරලොවට ගිය සොයුරියේ මේවන තුරු ඔබ මාලග සිටියා නම් මල්ලියේ කියා මට අමතා ආදරෙන් කතාකරන හැටි ඇහෙනවා වගෙයි
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out