Lirik

සිත දැවුනා තුන් යම මා ඉකිගැසුවා රහසෙම මා නොදැනෙන සේ සිටියදි මා ඔබගෙ මුසා සිත මැරුවා නවතිමි මා ඔබ නොයෙනා දිනෙක සදා සිත දැවුනා තුන් යම මා ඉකිගැසුවා රහසෙම මා Yohani, you baby නාඳුනන ඔරුවක් ඔබ නොකියාම ආව හඳුනාගෙන හාදු දී නොකියාම නාව නිදිකුම්බා මලක් කිම ඇහැරුවේ මාව තනි කලාට හිත නෑ ඒත් නුඹ ගාව ඕනෙ උනේ යථාර්ථෙ පලාගිය ආලයක් බ්ලේඩ් තල අදිමදි කරපු නහරයක් අපිට අපිව තේරුම් ගන්න කාලයක් නොදැනිම රැස් වුනා මං ගැන රාවයක් මම රැප ජීවිතය කරගත්ත පොරක් මතකද කෙල්ලෙ මම කිව්වා වරක් Busy වෙයි සංගීතෙ බදු අරන් ඒත් උඹ සැකේට දුන්නා මහ බරක් මුලදි අපි ලිව්වා රචනා පස්සට පෙරලුන හැටි වචන අස්සට දක්කා වෙනස ඒ පැටලුන ඇස් යට යන්න බැරිද ඒ කාලෙ ඉස්සර උසම තැනට යන පාරයි මතකයන් ඇවිදින් අතීතෙ පාරයි ඇවිද යමු එපා නතරනම් වෙන්න නුඹ ළඟ ආසයි අතරමං වෙන්න, කෙල්ලෙ සිත දැවුනා තුන් යම මා ඉකිගැසුවා රහසෙම මා පරසතු මල කාම අකුසල සිත පවකට ඇදි ඇලිගෙන ආව පිටරටකදි ඈ නුඹ ගාව අනියම් පෙමකට නුඹ පියමැන්න ගිය පාර නාව දුක තාම වාවගෙන පාර ගාව වෙල් යාය අතීතය හැමදාම මාගෙ ළඟ පාට හීනයක තෑගි දීගෙ හොර ගැනි වේද දැන දැන මා දැක දැක මා නොදුටුව සේ දුක් වින්දා සිතු දේ මා පැතු දේ මා අතහැරදා යන්නම් මා සිත දැවුනා තුන් යම මා ඉකිගැසුවා රහසෙම මා නොදැනෙන සේ සිටියදි මා ඔබගෙ මුසා සිත මැරුවා නවතිමි මා ඔබ නොයෙනා දිනෙක සදා
Writer(s): Yohani De Silva, Dilanjan Seneviratne, Dulan Arx, Hiyum Loco Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out