Crediti

PERFORMING ARTISTS
Dimi3
Dimi3
Performer
COMPOSITION & LYRICS
DIMI 3
DIMI 3
Songwriter

Testi

ඈ දුහුල් සළුව සලා
මේ මදෙස හොරෙන් බලා
පිණි කොපුල හෙමින් පෙලා
මට අමුතු දෙයක් කළා
පෙම් අමා සුවේ පාලා
සත් මහල් සිහින සදා
පල නොකියා පලා බෙදා
කොයි යන්නේ මාව දාලා?
දෙනෙතක නැකත වෙලා
වෙලෙනට ලකුණු යොදා
ආඩම්බරේට ඇයි ඉන්නෙ ආදරී?
වෙනතක තකනු එපා
පණ වගේ ඔයා
හදවතම දවන පදම හොඳම රසම හැඟුම ඔබයි ආදරී
හදවතම දවන පදම හොඳම රසම හැඟුම ඔබයි ආදරී
හැම රෑම රෑම මවනව මම සුන්දරතම සිහින ඈ ගැන
පේන පේන හැම හීනෙම කලුයි සුදුයි ඈ
ඇති වුණාට ඒ හැඟීම නවත්තන්න ඈ ගැන
ගේන ගේන හැම රසක්ම අලුත් එකක් හෑ
කප්පරකට මල් දෙන්න
මත්තලටම පොල් දෙන්න
මම පොහොසත් නෑ
ඉන්නැත්තම් යන්න
යන්නැත්තම් ඉන්න
වැඳන් එන්න බෑ
ඒත් වුණා උඹට මෙල්ල
උඹ තමයිනෙ ඒ කෙල්ල
එච්චරටම ගල් වෙච්ච මං මෙච්චර මල් වෙන්න
තව හිතකට ලං වෙන්න
බොන්නැතුව මත් වෙන්න
උඹෙන් දැක්කෙ මොනවද මං තාම දන්නෙ නෑනෙ ආදරී
උඹෙන් දැක්කෙ මොනවද මං තාම දන්නෙ නෑනෙ ආදරී
මුසපත් වෙලා
නොදැනී රෑ එලිවෙලා
පොඩි සුසුම් පොදක් හෙලා
තව අමුතු එකක් කළා
කෙල්ලෙ ඇයි උඹ බය වෙලා?
මගෙ අස්සේ ගුලි වෙලා
උඹ අතහැර යාවි කියා
හිතුව ද දැන් උඹ සුදා?
දෙනෙතක නැකත වෙලා
වෙලෙනට ලකුණු යොදා
ආඩම්බරේට ඇයි ඉන්නෙ ආදරී?
වෙනතක තකනු එපා
පණ වගේ ඔයා
හදවතම දවන පදම හොඳම රසම හැඟුම ඔබයි ආදරී
හදවතම දවන පදම හොඳම රසම හැඟුම ඔබයි ආදරී
Written by: DIMI 3
instagramSharePathic_arrow_out

Loading...