Testi

ආඬි ලිං වලින් උණන්නෙ වතුර නෙවෙයි ලේ නාඹර තල්ගෙඩි වල තද රත අඳින්නෙ ලේ මිරිස් කරළ් මෝරන විට පාට දෙන්නෙ ලේ නළලේ රතු තිලක වලට රත ගෙනෙන්නෙ ලේ ලේ නොගලන බිමක හුස්ම ගන්ට ඉඩ දියවු අපට කැමැති කෝවිලකට යන්ට ඉඩ දියවු දරු පැටවුන් සමග සිනාසෙන්ට ඉඩ දියවු අපට නිදහසේ දොඩන්ට ඉන්ට ඉඩ දියවු දිනා ගන්ට දේ එමටයි දනිමු එය බොලවු අහිමි ලොව දිනන නිවැරදි මග සොයා බලවු අපේ තුරුණු ලේ කඳ වැලි කතර මත නොලවු අමු සොහොනක කිරුළු දරා පලක් වෙද බොලවු
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out