Testi

ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ සදානන්ද කරවු ඔබේ මධුර රාවෙන් පිපී ආමි අරවින්දයක් සේ තඩාගේ ප්රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය දැන් මගේ පරමාර්ථය ඔබය මගේ පරමාදර්ශය ඔබය මගේ ඒකායන ප්රාර්ථනයද ඔබය ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ උදාවු සුපෙම් දම් නුසුන් වී රැඳේවා මගේ පුංචි ලොකේ තැවුල් දුක් නොවේවා ප්රේමයේ ද්වාරය ඔබ මට විවර කලෙහිය දැන් මගේ අතීතය ඔබය මගේ වර්තමානය ඔබය උත්තරීතර අනාගතයද ඔබය ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ ඔබයි රම්ය සඳ කිරණ ඝණ අන්ධකාරේ ඔබයි සෞම්ය තරැ එළිය ගිම්හාන කාලේ
Writer(s): H M Jayawardena Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out