Crediti
PERFORMING ARTISTS
Tehan Perera
Lead Vocals
COMPOSITION & LYRICS
U Prageeth Rajapaksha
Songwriter
PRODUCTION & ENGINEERING
Ashan Fernando
Producer
Testi
ආරාධනා නෙතගින් ගෙනා
සංසාර සිහිනේ දෙහද යා කරා
හංගා ගෙනා මල් අතුරලා
දෙව්ලිය මගේ කොහෙද හැංගිලා
ඔය දෙකොපුල් තෙමා රන් නා දළු සඹීම්
මම දෙනුවන් වසා නුඹ අහසින් වඩිම්
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහන්සි එදෝ කියා
දෙව්ලොව ඉදන් නුබ මට අත වනන්
මගේ පතිනියනි ආදරෙයිනෙ මා
හුස්මත් උනුයි කළුත් හඩයි
මට ඉන්න බෑ හරිම පාලුයි
මතකය නුබයි එතකොට දුකයි
දිවි ගෙවනවාදෝ හරි සැකයි
මේ කුළු මතින් රිදී ඉර නුබයි
මං දන්නවා නුබ නො එනා හැඩයි
සන්සුන් සිතින් පෙර මග ඉමි බලන්
මගේ රණහන්සි එදෝ කියා
දෙව්ලොව ඉදන් නුබ මට අත වනන්
මගේ පතිනියනි ආදරෙයිනෙ මා
Written by: U Prageeth Rajapaksha