クレジット

COMPOSITION & LYRICS
Janaka Shamal
Janaka Shamal
Songwriter
Subhazh RDK
Subhazh RDK
Songwriter

歌詞

කලක් යන්නෙ යද්දි ඔයයි මගේ හැමදේම
රසයි කන්න කන්න ඔයා වගේ පැණි රස කෑම
සඳ ගාව දිලුණට නෙක තරු පාට
මම තමයි දන්නෙ හඳේ තිබ්බ ආවාට
එක බැල්මකින් කුල්මත් කලේ
මාලිග පරදයි අපි දෙන්නගෙ පැලේ කැලේ
තිබ්බ මල් තමයි පුප්පල ගත්තේ
පොඩ්ඩක් සුදු වෙද්දි කෙල්ලන්ගේ බලපංකො සද්දෙ
කාරි නෑ දැං මට ඔයා නැතුව බෑ
හති නෑ ආසම එළි නිවල රෑ
අපි දෙන්නගෙ ආදර කතාව
ජාතකෙ දන්නෙ දැං කලුවර දුමාරෙ
දෙන්නෙක් නෙමේ අපි වෙමූ හතර දෙනෙක්
මතකද කිව්ව දුව දුව අතර දෙනෙක්
අපි අතරට එන්න බැහැ තවත් කෙනෙක්
ඉන්න බැහැ බොට මට වඩා වටින කෙනෙක්
ඈ දැක්ක ගමන් හිත යන්නේ
කටකාර හින්දයි නිතර ඔරවන්නේ
ඇගෙ නීල දෙනුවන් පාන හිනවන්
පෝය හඳත් පරදන්නේ
ඈ දැක්ක ගමන් හිත යන්නේ
කටකාර හින්දයි නිතර ඔරවන්නේ
ඇගෙ නීල දෙනුවන් පාන හිනවන්
පෝය හඳත් පරදන්නේ
ඇගෙ නැලවෙන දෙනෙතෙ රැය පූරා මා පැටලි
ලය පහස විදි මම සක්විති රජෙකි
රස ගුලකි බඳ මැදි මුතු ඇට වැලකි
කන අගට කොඳුරන නුඹ මදුවිතකි
තනි තරුවක් එක්ක මම හාදව
මදි වරුවක් ලැබුනත් නුඹෙ හාදුව
නැති තැන මරණව මාව පාළුව
ගැලෙව්වම කෙල්ලෙ හැඩයි ඔය සාළුව
තනි උනෙ එක රැයයි ඔයා එක්ක
පැයක් ගියෙ දැනුනෙ නෑ බින්ද සිල් රැක්ක
දැක්ක කට කොනෙන් ඔයා හිනා වෙන ලස්සන
නුඹ මත් කලෙ මාව සැනෙකින් අන්තෙට
නුඹෙ උණුහුමෙ මැවුන මට ස්වර්ගෙ
වෙන කිසිම රුවක් නෑ යලි නම් මං පතන්නේ
මැවෙන්නෙ පෙනෙන්නේ ඔය රුවමයි දකින්නේ
කොහෙ ගියත් මගෙ ඔලුවෙ ඔයයි ඉන්නේ
ඈ දැක්ක ගමන් හිත යන්නේ
කටකාර හින්දයි නිතර ඔරවන්නේ
ඇගෙ නීල දෙනුවන් පාන හිනවන්
පෝය හඳත් පරදන්නේ
ඈ දැක්ක ගමන් හිත යන්නේ
කටකාර හින්දයි නිතර ඔරවන්නේ
ඇගෙ නීල දෙනුවන් පාන හිනවන්
පෝය හඳත් පරදන්නේ
Written by: Janaka Shamal, Subhazh RDK
instagramSharePathic_arrow_out

Loading...