クレジット

PERFORMING ARTISTS
UDAYA SHREE
UDAYA SHREE
Synthesizer
COMPOSITION & LYRICS
UDAYA SHREE
UDAYA SHREE
Songwriter
PRODUCTION & ENGINEERING
Miyuru Sangeeth
Miyuru Sangeeth
Recording Engineer
Kasun Primaal
Kasun Primaal
Mastering Engineer

歌詞

මේ සිහිනය දිගේ තවත් දුර යන්න එනවාද?
මා අතරමඟකින් නවත්වා යන්න යනවාද?
ඔබ මැවූ සෙනෙහසේ උණුහුමත් දෙන්නෙ නැතිවාද?
සිහිනයට ආයෙ එනවාද?
මේ සිහිනය දිගේ තවත් දුර යන්න එනවාද?
මන්දාරමේ වැහි වලාවක් වගේ
මා අඳුරෙ හෙලනවද?
එ ඇඳිරියෙන් හිත වෙළන මොහොතකින්
මතකය වැසී යයිද?
ඔබ මැවූ ලෝකයේ එළියවත් දෙන්නෙ නැතිවාද?
සිහිනයට ආයෙ එනවාද?
සියොළඟ දවන රුදුරු කතරක් වගේ
මේ හැඟුම දවනවද?
ඒ කතරෙ ඉම මා සොයන්නම් ඉතින්
මඟ ළකුණු කියනවද?
ඔබ මැවූ සිහිනයේම පාට මැකෙන්න දෙනවාද?
ජීවිතයම ආයෙ දෙනවාද?
මේ සිහිනය දිගේ තවත් දුර යන්න එනවාද?
මා අතරමඟකින් නවත්වා යන්න යනවාද?
ඔබ මැවූ සෙනෙහසේ උණුහුමත් දෙන්නෙ නැතිවාද?
සිහිනයට ආයෙ එනවාද?
මේ සිහිනය දිගේ තවත් දුර යන්න එනවාද?
Written by: UDAYA SHREE
instagramSharePathic_arrow_out

Loading...