歌詞

දුහුල් මලෙක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම් ව ලියුවා වූ මගෙ පෙම් පණිවිඩය සමනලයෙක් අතේ එව්වා හම්බවුණා ද බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර මගෙ පෙම් පණිවිඩය හම්බවුණාදැයි කියලා ලියලා එවන්න ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත්වෙන්න ඔබට කැමති වූ දවසේ දැනුණු හැඟුමේ පාට තමයි දේදුන්නක් වෙලා දෑස් වෙත පාත්වුණේ ඒ සතුටේ සුසුම තමයි නල මුදු සුවඳක් වී හිත තෙතමාත්තු කළේ ඒ බව හැඟෙනවා නම් මට කියලා එවන්න ඒ ඇති මට ඔබ වෙනුවෙන් ජීවත්වෙන්න ඔබ නික්මන් කළ දවසේ උනපු කඳුළේ තරම තමයි පොද වැස්සක් වෙලා පොළවට පාත්වුණේ ඒ කඳුළේ බලය තමයි මහවැලි ගඟ මැද්දේ දියසුළියක් වූයේ ඒ බව දැනුණා නම් මට කියලා එවන්න ඒ ටික ඇති තව දුරටත් ජීවත්වෙන්න දුහුල් මලෙක මල් පෙත්තක එහා මෙහා පෙනෙන පරිදි සියුම් ව ලියුවා වූ මගෙ පෙම් පණිවිඩය සමනලයෙක් අතේ එව්වා හම්බවුණා ද බාරගන්න පරිස්සමින් තටු පොඩි නොකර මගෙ පෙම් පණිවිඩය හම්බවුණාදැයි කියලා ලියලා එවන්න ඔබ වෙනුවෙන් තව දුරටත් ජීවත්වෙන්න
Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out