Songteksten

මනලෝලී මනමාළියේ ඔය දෑසේ කැල්මන් හෙලා මාගේ දෑතේ දැවටි ආවේ පවසන්නදෝ ආදරේ කවදා හෝ සන්සාරයේ එක්වීලා අතිනත්වෙලා ආවා වගේ ඔබ මේ ආවේ පවසාලා ප්රේමාදරේ මුවමදහාසේ ඔබ මට පෑවේ විහිදා පෙම් ආරාධනේ ඉගියෙන් වාගේ රහසින් කීවේ සැනසීමයි මේ ජීවිතේ ඔබ හිනැහේවී පුන්සද වාගේ පායාලා මාගේ ලොවේ මනලෝලී මනමාළියේ... ඇයිදෝ නොහැගේ ළෙන්ගතු වූයේ ඔබ මා ළං වීලා මෙසේ ලතැවුල් ජීවේ සන්සිද වූයේ දෙනෙතේ දල්වාලා සෙනේ ඔබ සුවගේනා සුවඳක්වාගේ පාවේවී මාගේ ලොවේ මනලෝලී මනමාළියේ...
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out