album cover
BIPOLAR
album cover
Utwór BIPOLAR został wydany 11 listopada 2023 przez rudeboyraymusic jako część albumu CLOUD9
AlbumCLOUD9
11 listopada 2023
Wytwórniarudeboyraymusic
BPM99
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Teledysk

Teledysk

Tekst Utworu

RUDƎBOYRAY-INTRO
මං හිතන්නේ ලෝකෙ නිශ්ශබ්ද ම කාමරේ තිබ්බෙ මට.
එතන ඉද්දි මම හුස්ම ගන්න සද්දෙත් මට ඇහෙනවා.
ඒ ගැන අවධානෙන් ඉද්දි, හුස්ම ගන්න එකත් හෙණ
අස්වාභාවිකයි කියලා මට හිතෙනවා...
එතකොට මම හුස්ම ගන්න එක,
මොහොතක් හිර කරන් ඉන්නවා.
එහෙම ටිකක් වෙලා ඉද්දි හුස්ම හිරවුණාම,
නවත්තගන්න බැරි පීඩනයකින් මගේ හිරකරගත්ත
හුස්ම පහළ ට වැටිලා වේගයෙන් ඉහළ - පහළ ළඟ ළඟ
හුස්ම ගැනෙන්න පටන් ගන්නවා...
එතකොට හෙණ කාළකන්ණි හැඟීමක් එක්ක,
අර මුස්පෙන්තු හුස්ම ගන්න සද්දෙ කළින්ටත් වැඩියේ
සද්දෙන් මට ඇහෙන්න පටන්ගන්නවා...
RUDƎBOYRAY-VERSE 01
මට හිත කියනවා හැමදාම
තෝ හිටියා ඇති මේ අන්තිම පාර
දැන් හරි යන්න වෙලාව
හැබෑ ලෝකෙ වැඩ කරන්නෑ ඔය තෙරපි
ඕවා මළ විකාර... මරපන් ඔය සතාව...
මේ හිස බරයි මගේ කැරකිලා වගේ
පැය ගණන් මෙරිගො රවුමක ඈත.
ප්ලාස්ටික් බෑග් එකක් දාන් ඔළුව ට
නැත්තන් හිස දාන් මළපුඩුව ට
හුස්ම කෝ කෙඳිරි ගාන?
පේන්නේ මට මුළු ලෝකෙන් අතුරුදහන්
වෙලා ගිහින් පාට...
මගේ ඇස් බොඳවෙලා නිවෙද්දි එළිය
හිස් මුදුන ට දැනෙයි ලු සුවය
ඒකටයි මං ආස...
SHREDDER -
දැන් ළඟයි වහින්න
සිරගත සිතිවිලි මුදා හරින්න
ඇවිළුණු ගිනි නිවෙන්න
ආපස්සට ගණින්න...
RUDƎBOYRAY-VERSE 02
මැරෙනකන් ම වහන්න බැරි ඇස්වලින් කෙළවරක් දකින්න
තියේ ද එකම දෙයක් - එකම දෙයක්වත් මට ජීවිතේ විඳින්න
අළු වුණ සිතුම් - පැතුම් වලින් හැදි බිමට වැටුණු තරු ඇහින්ද
ලස්සනයි කිව්වට Phoenix එකෙක් ඇහුවෙ නෑ මගෙන්
"රූඩා! උඹ හොඳින් ද?"...
මං ලිව්ව සිංදු ගාණට වඩා බලි කුරුටු ගාපු පිටු ගාණ වැඩියි
ඉවර කළා ට වඩා මං පොළොවෙ ගහලා කුඩු කළ පෑන් ගාණ වැඩියි
පටිගත කෙරුවට වඩා මං අතහැර දාපු වාර ගාණ වැඩියි
ඒත් විව්ස් වලට වඩා, හිස නිදහස් වුණ වාර ගාණ වැඩියි...
RUDƎBOYRAY-VERSE 03
තනි සුදු බිත්තියක් ගාව,
කැඩපතකින් බලාන මාව
මං ඔළුව ට වෙඩි තියාගත්තොත්
මගේ ලේ වලින් ඇඳෙන පාර
රක්ත වටපිටාව, බිත්තියෙ මැවෙන රටාව
Pattern එක බලන්නයි මං ආස
Pattern එක බලන්නමයි ආස...
ටයිල් පොළොව මත ට බේරෙන ලේ දහරා
දෙකක උණුහුම් තරඟ මැද මා
ගැහෙන පණ ට සෑහෙන්න ගරහන්,
ප්රාණය නිරුද්ධ සිරුර බලහන්...
මැවිලා පේනවා මට මේ කාමරේ,
මැරිලා ඉන්නවා ඔව්! මං හාමතේ
දැන් ඉතිං මිනිය බලලා පලයන්,
ඕනා මොහොතෙ නැති තොපෙන් නෑ ඵලයක්...
SHREDDER -
මේක උපකල්පිත අවස්ථාවක්
හැබැයි ඒකෙ ඇත්තකුත් ඇත්නම්
උඹට මැරෙන එක රොමැන්ටිසයිස් කරන්න පුළුවන්
ඒත්. තුවක්කුවක් නැත්තම්?!.
RUDƎBOYRAY-OUTRO
හිරිවැටුණ අතින් අතහැරුන පෑන
බිම වැටෙන සද්දෙ ට ඇහැරිලා
පියවි ලෝකෙට ආයෙමත් ආවා මං,
සොහොනෙන් නැගිටලා.
මගේ ඇතුළේ ඉන්න එකා ට කියන්නෙ
මං පැරදුනත් බොට දිනන්න බෑ
කැට තියලා කියන්නෙ ආයෙමත් මං,
උඹ ට දිනන්න දෙන්නෙ නෑ.
චැලෙන්ජ් කරනවා උඹ ට,
උඹ එහෙමනම් අපි මරාන මැරෙමු
අතහරින්නෙම නැහැමයි මමත්,
අපි උඹ ද - මම ද කියලා බලමු.
ජීවත්වෙනවට වැඩියෙ ධෛර්යයක් ඕනා
මැරෙන්න ඒත් මට ඒක නෑ.
අත - පය කඩන් හරි එල්ලිලා ඉන්නවා,
මරන්න මාව ලේසි වෙන්නෑ...
Written by: Rayviyan Floyd Driyon
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...