album cover
Mal Ware
195
Music
Utwór Mal Ware został wydany 16 lutego 2024 przez Redfox Records jako część albumu Mal Ware - Single
album cover
Data wydania16 lutego 2024
WytwórniaRedfox Records
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia
BPM99

Kredyty

PERFORMING ARTISTS
Aanji
Aanji
Performer
Pasan Liyanage
Pasan Liyanage
Performer
COMPOSITION & LYRICS
Pasan Liyanage
Pasan Liyanage
Composer
Dulan ARX
Dulan ARX
Lyrics

Tekst Utworu

ඈගෙන් ඈ වෙත සරන්නේ
මා දුන් ඒ පෙම හෙලන්නේ
නෑ සන්තාපෙක ගිලෙන්නේ
ආයේ නුඹ නිසා..
ඈතින් ඈතට මා යන්නේ
මා දැන් මාවත දකින්නේ
නෑ පෙම් පාරක සැලෙන්නේ
ආයේ පැටලිලා
ඇස් මානේ හීනේ බොඳ කලා
වස්සානේ ගීතේ නවතලා
කොහෙදෝ යන්නේ
නෑ මා දන්නේ
නිස්සාරේ ප්‍රේමේ පසෙකලා
හිස් වූ මේ හෘදේ නවතලා
ඉවසාගන්නේ
ඇයි මා ඉන්නේ
මල් වාරේ මාහා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන ගානේ
නුඹ නේද ආවේ
මල් වාරේ මාහා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන මාගේ
නුඹ නේද බින්දේ
 
තනිවී තනිකම විඳින්නේ
නැවතී මා අද නිවෙන්නේ
නෑ මං ආයෙම හැරෙන්නේ
හීනේ පැටලිලා
මා සුන් වූ හද තනන්නේ
විහිදාලා තටු සලන්නේ
නෑ තුන්යාමෙම තැවෙන්නේ
ආයේ නුඹ නිසා
ඇස් මානේ හීනේ බොඳ කලා
වස්සානේ ගීතේ නවතලා
කොහෙදෝ යන්නේ
නෑ මා දන්නේ
නිස්සාරේ ප්‍රේමේ පසෙකලා
හිස් වූ මේ හෘදේ නවතලා
ඉවසාගන්නේ
ඇයි මා ඉන්නේ
මල් වාරේ මාහා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන ගානේ
නුඹ නේද ආවේ
මල් වාරේ මාහා
මේ දෑසේ ගෑවී ගෑවී
හීන මාගේ
නුඹ නේද බින්දේ
Written by: Dulan ARX, Pasan Liyanage
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...