album cover
album cover
Utwór Wikasitha Mal został wydany 11 lipca 2025 przez MREC Entertainment jako część albumu Wikasitha Mal - Single
Released11 lipca 2025
WytwórniaMREC Entertainment
BPM84
Melodyjność
Akustyczność
Valence
Taneczność
Energia

Teledysk

Teledysk

Tekst Utworu

ම්... ම්ම්... ම්ම්ම්
හේ... ඒ... ඒඒ... ඒඒඒ
ම්... ම්ම්... ම්ම්ම්
විකසිත මල් ගොමුවේ
සිත බැඳි පෙම්වතියේ
හිමිනැති නම් මහදේ
නොකියම ඇයි පිපුනේ
මිතුරිය වී බැඳුනේ
මිතුදම නෑ බිඳුනේ
සඳ නැති දා අහසේ
තරු මට නෑ පෙනුනේ
සත්තයි ආලේ මම දුන්න කුලුඳුල් ප්රේමේ
පාලුයි නුඹ නෑ කියා
හිස්තැන් මාගේ පුරවන්න දී මට ආලේ
තාමත් නුඹටයි සදා
හින්දා නුඹ වින්ඳා මං රහසේ
පවසන්නද ආයේ
සඟවන්නට බෑ තවනම් ආලේ
යෙහෙලිය නුඹ දුන්නා නම් සෙනෙහේ
විඳගන්නට මාගේ
හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ
ම්... ම්ම්ම්... ම්ම්ම්... ම්ම්ම්
හේ... ඒ... ඒ... ඒඒඒ
හ්ම්ම්... ම්ම්ම්... ම්ම්ම්
යන්න මාගෙ කැන්ද හින්ද ආලෙ බැන්ද
වින්ද ප්රේමෙ මන්ද හීනෙ ආලවන්ත
ඉන්නවා බලන්ම ගන්නෙ නෑ බලෙන්ම
ඔය ඇස් හොරැහින් වාගේ
ලං වෙලාම ඉන්න මං දිහා බලන්න
කල්පනාව දන්න ඈ මයි මාගේ
තේරුනොත් කියන්න හැඟුමන් මා හා
ම්... මොහොතක් මොහොතක් ගානේ
සිහිවෙන්නේ ඔය රුවමයිනේ
තවමත් ඔබටයි ආලේ මාගේ
යෙහෙලියකට බැඳි මාගේ
නොකියූ මේ කුලුඳුල් ප්රේමේ
සඟවන්නට බෑ තවනම් ආයේ
හින්දා නුඹ වින්ඳා මං රහසේ
පවසන්නද ආයේ
සඟවන්නට බෑ තවනම් ආලේ
යෙහෙලිය නුඹ දුන්නා නම් සෙනෙහේ
විඳගන්නට මාගේ
හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ
හින්දා නුඹ වින්ඳා මං රහසේ
පවසන්නද ආයේ
සඟවන්නට බෑ තවනම් ආලේ
යෙහෙලිය නුඹ දුන්නා නම් සෙනෙහේ
විඳගන්නට මාගේ
හිත ගොලුවෙයි හිමි නැති නම් ආලේ
නා... නා... නා... ආ... ආආආ
ආ... ආආ... ආආආ
Written by: Ansaf Ameer, Stefan Packianathan
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...