Tekst Utworu

දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා ඔබම පතලා සිතැඟි ගලපා ආදරේ ටජ් මහලක් බැන්දා සුවඳ හමනා සුළඟකට මා ඔබෙන් ලද සියල්ල දන් දුන්නා හිතද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතේ දුන්දා දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා දුක නැල්ලූ ආදරේ උණුසුමෙන් ඈත් නොවේ අමතක කලත් මෙසේ මතකේ හෙටත් තියේ පිළිගන්න බෑ ලඳේ පලිගන්න නම් නොවේ එහෙනම් වෙනස් වුනේ දෛවයයි වෙන් කලේ දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ ඔබේ ආදරේ වෙනුවෙන් ලඳේ සැමරුම් තබා ඇයි පිටුපා ගියේ අදහන්න බෑ සත්තයි ප්රියේ දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා හිතද හැදුනා දුකද දැනෙනා වෙනතකට ජීවිතේ දුන්දා දෑස තෙමිලා හීන පෙඟුනා ඔබට තිබු ආදරේ හින්දා Created by UMESH GEETHANJANA
Writer(s): Iraj Weeraratne Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out