Letra

සද රැජිනියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ වැගිරෙන කදුලු අරන් ඔබ ඈ වෙත යන්න ගිහින් පෙම් සිතක් පතාගෙන මා හඩනා හැටි කියලා දෙන්න ඉතින් කියලා දෙන්න ඉතින් instrumental හැම ආත්මෙදිම ඔබ දුන්න කදුලු කැට මට තාමත් මතකයි මට අද වාගෙම මතකයි ඒ සුවදා මගෙන් දුර ඈතට යනකොට මං හැඩුවේ ඒකයි හැඩුවේ හැපුනේ ඒකයි බැහැ මට ඉන්නට බැහැ ඔබ නැති ලෝකය කලුවර අහස වගෙයි මේ ඔබ එනවා නම් කොතෙක් කලක් හරි බලා ඉන්න ආසයි මග බලා ඉන්න ආසයි instrumental එක රාත්රියක මහ නපුරු හීනයක් මට අනතුරු අගවයි ඔබ අන්සතු බව පවසයි එය හීනයක්ම පමණක් වේවා යැයි මගෙ හදවත් මුමුනයි හැමතිස්සෙම හිත මුමුනයි නැහැ මම ඉන්නෙම නැහැ ඔබ මට නැත්නම් හදවත හඩා වැටෙයි නෑ ඔබ එනවාමයි ඇස් දෙක වගෙ මට ඒ ගැන විශ්වාසයි මට ඒ ගැන විශ්වාසයි සද රැජිනියෙ ඔබ හිරිපොද වැස්ස අරන් මගෙ යහනට එනවද මිහිදුම් සලු අතරින් හිම කැට වාගේ වැගිරෙන කදුලු අරන් ඔබ ඈ වෙත යන්න ගිහින් පෙම් සිතක් පතාගෙන මා හඩනා හැටි කියලා දෙන්න ඉතින් කියලා දෙන්න ඉතින්
Writer(s): Channa Jayanath, Mahinda Bandara Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out