Слова

අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි ගඟේ වතුර නෑ ඉහලට ගලා ගියේ අසිනි හඬින් නෑ කඳු බිම් සසල උනේ ගඟ කවදා හෝ මුව දොර හමු වෙනවා ලොව කැළඹුන දා කදුබිම් හැකිලෙනවා අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අනාත සයුරට වැහි දිය දෝත ඔබයි අගාධ අඳුරක දුල රන් සිළුව ඔබයි ඔබ මට ලඟ බව ඉඳුරා මම දනිමී ඔබ වට කහවනු පවුරට මහ දුරකි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි අහසයි ඔබ මට නිම් හිම් නොපෙනෙන ඉණිමං බඳිනු බැරී පොළොවයි ඔබ මට තරුවක් විලසට රෑකල පතිත වෙමි
Writer(s): Rohana Weerasinghe Lyrics powered by www.musixmatch.com
instagramSharePathic_arrow_out