Credits
Lyrics
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
යස ඉසුරට ලොබ බැද ලංවුනු
අඟනුන් ඇයි අම්මේ
මට පිටුපාලා ගියේ
ලෙඩදුක් කරදර මා වට කරගෙන
ඒත් මගේ අම්මා මගේ ලඟම උන්නා
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
මහළු මඩම් මොකටද මගේ අම්මට
මමම සුවය දෙන්නාම්
ඔබගේ ලඟම ඉන්නාම්
මේ භවයෙදී පැතුම් පතන්නේ
මතු භවයේ අම්මේ ඔබේම පුතු වෙන්නයි
අම්මේ ඔබ මතු බුදුවෙන්න එපා
ආයෙත් මං උපදින හන්දා
මගෙම වෙන්න අම්මා
මේ සසරේදිත් ඔබයි මගේ අම්මා
මතු සසරේදිත් ඔබයි මගේ අම්මා
මතු මතු සසරේ ඔබයි මගේ අම්මා
ඔබයි මගේ අම්මා