album cover
Sudu None
409
World
Sudu None was released on December 19, 2019 by Maharaja Entertainments Pvt Ltd as a part of the album The Beginning
album cover
Release DateDecember 19, 2019
LabelMaharaja Entertainments Pvt Ltd
Melodicness
Acousticness
Valence
Danceability
Energy
BPM166

Credits

PERFORMING ARTISTS
The Gypsies
The Gypsies
Lead Vocals
COMPOSITION & LYRICS
Chandra Dewadithya
Chandra Dewadithya
Songwriter
PRODUCTION & ENGINEERING
Maharaja Entertainments Pvt. Ltd.
Maharaja Entertainments Pvt. Ltd.
Producer

Lyrics

නෝනෙ මගේ සුදු නෝනේ
අලි වැඩේ මෙමට උනේ
නෝනෙ මගේ සුදු නෝනේ
අලි වැඩේ මෙමට උනේ
බස් එක මගදී කැඩුණා ඒකයි මම පමා වුණේ
අනේ ඔබෙ පරණ පොත
මම ඒය කියවා ඇත
අනේ ඔබෙ පරණ පොත
මම ඒය කියවා ඇත
තමාගේ බිරිඳට ඔය බොරු කියනා එකයි කැත
ඔයා පිළිගන්නේ නැද්ද?
මගේ නැහැ කිසි වැරැද්ද
ඔයා පිළිගන්නේ නැද්ද?
මගේ නැහැ කිසි වැරැද්ද
පුතාට ටොපි ගෙනාවා දැන් මම, පොඩි පුතා නිදි ද?
නැති බොරු සෙනෙහෙ ප පා
අප රවටන්න එපා
නැති බොරු සෙනෙහෙ ප පා
අප රවටන්න එපා
කටගොන්නක් බීගෙන මින් පසු මෙහි එන්න එපා
ඇත්තම ඔයාට කියන්නම්
ඔයා එය පිළිගන්නවා නම්
මිතුරෙක් අඬගැහුවා
පොඩි අඩියක් ගැහුවා
ඕකත් ලොකු වරදක් ද?
මිතුරෙක් අඬගැහුවා
ග්රූම් දෙක තුනක් දැම්මා
ඕකත් ලොකු වරදක් ද?
මොකටද ඉතින් මගේ කට
ලැජ්ජා නැද්ද තමුසෙට
බස් එක නතර වුණේ
මිතුරා අඬ ගැහුවේ
තැබෑරුමක්ම ලඟදි ද?
බස් එක නතර වුණේ
මිතුරා අඬ ගැහුවේ
තැබෑරුමක්ම ලඟදි ද?
තරමක් ලේසිය දුන්නා
නෝනා මගේ කරටම එන්නා
ඔවු, මම අඩි ගැහුවා
පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද?
ඔවු, මම අඩි ගැහුවා
පරක්කු වී ආවා
නෝනා දැන් කියන්නේ මොකද?
අනේ, ඔයාගේ ලේසිය
ඔයාලටමයි වාසිය
ළමයි බලන්න ඕනේ
රෙදි සෝදන්න ඕනේ
තනියම අපට කරදර
ළමයි බලන්න ඕනේ
රෙදි සෝදන්න ඕනේ
තනියම අපට කරදර
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
අනේ, ඔහේලට උරුමයි එය දැන ගත්තොත් කදිමයි
ළමයි බලන්නයි ගෙදරක වැඩ කරගන්නයි
ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
ඔයලා විවාහ වෙන්නේ ඔහොම කියන්නද අනේ?
ඔයා කසාද බැන්දේ ඔහොම කියන්නද අනේ?
ඔයා කියන්නේ අපි දුක් විඳින්න ඕනේ
අනේ, කිරිපිටි හොයලා පෝලිම් වල දුක්විඳලා
ලොක්කට වැඳලා තමයි එන්නේ බේරිලා
අපේ බොසාට වැඳලා තමයි එන්නේ බේරිලා
කිරිපිටි හොයලා පෝලිම් වල දුක් විඳලා
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද?
ඒ තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද?
අනේ, තරුණියන් මැද ඔයාටත් ජොලියක් නැද්ද?
පෝලිමේ මැද හිටියට පාඩු වෙනවද?
කරුමෙට, ඔය කට තමුසෙට ලැබුණට
කැත කට හතරට ඉරනට හිතේ මට
මගේ කට හතරට ඉරනට හිතුවට
මේ මට දෙන බැට තමුසෙට වැදෙයි හෙට
දුවේ පුතේ මා කියනා දේ අහගන්න
කඳුලක් නැති තැන සිනහව ඇත්ද බලන්න
දෙන්න-ගන්න දෙක සමබර ඇති නම් ඔන්න
විවාහ ජීවිතය සරුයි අද දැනගන්න
විවාහ ජීවිතය සරුයි අද දැනගන්න
දෙන්න-ගන්න දෙක සමබර ඇති නම් ඔන්න
Written by: Chandra Dewadithya
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...