album cover
Run Run Run
album cover
Run Run Run was released on March 23, 2020 by Serandip Records, a division of Serandip Music Group, Pvt Ltd. as a part of the album Run Run Run - Single
March 23, 2020
LabelSerandip Records, a division of Serandip Music Group, Pvt Ltd.
LanguageEnglish
BPM104
Melodicness
Acousticness
Valence
Danceability
Energy

Music Video

Music Video

Lyrics

රුං රුං රුං
අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු
මල් යායට ලං උනා රුං රුං රුං
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
වලාවට වැටි දියෙන් දුං දුං දුං
අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
හිත පත්කළ තැන් අසමාන කටින්
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්
අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු
මල් යායාට ලං උනා රුං රුං රුං
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
වලාවට වැටි දියෙන් දුං දුං දුං
අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
හිත පත්කළ තැන් අසමාන කටින්
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින් (ai-ai-boy)
මම තාමත් හොයනවා කාසි
බොර දිය මත පාවෙන පාසි
ළඟ හිටියේ නෑ මට තරු රාශි
තාමත් දෑසට පේන්න බෑ කාකි
තනි පංගලමේ දුර ඈත වැඩ
මට වෙලාවක් නෑ දාගන්න වද
මගෙ රැපෙන් උඹ හදාගනින් හද
මගෙ රැපෙන් අන්ද උඹ වෙලා බඩ කෙල්ලෙ
දැන්නම් රටේ සායම දියවී
පාවෙන ජීවිත ඡන්දෙට වියලී
නිරුදක කතරක පිපි මල් පියලි
කරුකුට්ටන් වෙලා හොයනවා දියලි
මම අහගෙන ඉන්න කන් පියවි
රට ගැන කියවන හින්දා හිත බියවී
රටින් එපිට තරුණයන්ගේ හද ලියදි
පිරුණු කල නොපිරුණු කල මෙන් හෙලවී
අනේ මන්ද මගෙ රට මතෙන් අන්ධයි
දුටු ගමන් මුල පිටුවට එකෙක් වැන්දයි
නොනැමි ඉඳලා මට ඉතුරු උනේ කොන්දයි
මගෙ රැපෙන් පුරවන්නේ උඹේ මොළ ජුන්ඩයි
මම ඉහින්නේ මතුරා රැපෙන් බින්දයි
පොදු ජනයා පොදුජනයා ළඟ වින්දයි
පිරිසිදු වෙලා ඉන්නේ කුණු ගත හින්දයි
මතුරන මගෙ රැපෙන් උඹේ බල බින්දයි
ඌ, සිරිකත මද්දට අහුවී
අපි කැරකෙද්දි රට එක තැන පල්වී
පිරිකර වෙනුවට රුපියල ඇල්ලී
සේනා මොකටද බොදු බල හැංඟී
මූ, රසකර කන කජුපුහුලන්
දුරක ඉඳන් බලන්න රට ගැන උහුලන්
උස මිටි කම් ගැන කාටත් දැන් කුහුලක්
මගෙ රැප විලි වහගන්න උඹට දුහුලාක්
අල්ලට වී මිරිකා ගත්තට මහා අය
හිත්වල කොහෙද රත්වුණු මැණික් කැට
ගස් වල කොහෙද මී අඹ තවම ගැට
පස්සට ඇදෙන හිත්වල තියපන් අඩ
මගෙ රට්ටු හිනස්සන පිස්සු කතා
යද්දි පෙට්ටි ගණන් කිරි අස්සේ ගගා
රට ලෙඩ්ඩු කළා තවත් කක්කා කවා
අඹ පොත්තෙන් පවා මෙහෙ ගස් වැවුණා
පරසිද්ද සුරන්දීපේ බෙල්ල කපා
යද්දි දන්නො නොදන්නොද හැංගි හොරා
නොදැනෙන්න රටින් උන් චුත්ත වෙලා
රහ දන්න උනුත් ගොළුයි සල්ලි තකා
මට බෑ දරාගන්න ලස්සන රට කෝ
හිත්වල මුදුගති අත්වල ගැටදෝ
රටින් ගේන ඖෂධ පඩ වැඩිදෝ
ලෙඩ්ඩු මරන් කන දොස්තර නිදිදෝ
රටේ වවාගෙන කන්නම බැරිදෝ
ඒ තරමට රටේ ණය බර වැඩිදෝ
අම්මලා තාත්තලා දැන් busy වැඩිදෝ
මගෙ රැප දරාගන්න උඹේ මොලේ රළුදෝ
අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු
මල් යායාට ලං උනා රුං රුං රුං
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
වලාවට වැටි දියෙන් දුං දුං දුං
අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
හිත පත්කළ තැන් අසමාන කටින්
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින්
අඩමානෙට මත් වුනු රත්වුණු බඹරු
මල් යායාට ලං උනා රුං රුං රුං
අර කාගෙද රස්නෙට පිච්චුණු අඟුරු
වලාවට වැටි දියෙන් දුං දුං දුං
අපෙ මුත්තලා මල් නෙළුවා රේණු පිටින්
ගම බුත්තලින් එහා ගියොත් ගෝනි පිටින්
හිත පත්කළ තැන් අසමාන කටින්
උඹ ලිස්සන ගහේ තාම මූණ යටින් boy
Written by: Daham Kuruppu
instagramSharePathic_arrow_out􀆄 copy􀐅􀋲

Loading...